විශාල වශයෙන් එළවඵ තොග දැන් වෙළෙඳපොලට
මේ වනවිට වෙළෙඳපොලට එළවඵ තොග විශාල වශයෙන් ලැබෙමින් පවතින බව මැනිං වෙළෙඳපොල පොදු වෙලෙඳ සංගමයේ සංවිධායක අනිල් ඉන්ද්‍රජිත් මහතා පවසයි ඉදිරි උත්සව සමයේ එළවඵ මිල ගණන් පහල යනු ඇත ලබන මැයි මාසය වනවිට මැනිං වෙළෙඳපොල පෑලියගොඩ ප්‍රදේශයේ ස්ථාපිත වන බව ද ජාතික ගුවන් විදුලියේ ඇතුල්පැත්ත වැඩසටහනට අද එක්වෙමින් ඔහු පැවසීය වැඩසටහනට දුරකථනය ඔස්සේ සම්බන්ධවු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් හේමක ප්‍රනාන්දු මහතා පැවසුවේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉදිරියේදී ස්ථාවර වනු ඇති බවයි ප්‍රධාන පෙලේ හෝටල්වලට අවශ්‍ය විශිෂ්ඨ සහල් කිහිපයක් හැරුනුවිට සහල් වර්ග ආනයනය සම්පුර්ණයෙන් නතරකර තිබේ විශාල විදේශ විනිමයක් ඉන් රටට ඉතිරිවන බව හෙතෙම පැවසීය