පත්විම් ලබන උපාධිධාරින්ට ප්‍රාදේශිය ලේකම්ට වාර්තා කිරිමට සතියක කාලයක්

Share Button

අද සිට රැකියා සදහා පත්විම් ලබන උපාධිධාරින් සදහා තමන් අයත් ප්‍රාදේශිය ලේකම් වරයා වෙත වාර්තා කිරිමට සතියක කාලයක් ලබාදී ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් සිරිපාල හෙට්ටිආරච්චි මහතා පවසයි. උපාධිධාරීන් පනස්දහසක් බඳවා ගැනිමට රජය අපේක්ෂා කළත් ඉල්ලුම් කර ඇත්තේ හතලිස් දහසක පමණ ප්‍රමානයකි. පළාත් ලේකම්වරුන් මගින් පළාතේ පවතින රාජ්‍ය සේවා පුරප්පාඩු හදුනාගෙන ඇති අතර උපාධිධාරින් එම ආයතන වෙත යොමු කෙරෙන බව හෙතෙම කියයි. වැඩි පිරිසක් ගුරු සේවයට ඇතුළත් කර ගැනෙති ~ ජාතික සහ පළාත් පාසල්වල ගුරු පුරප්පාඩු සැලකිල්ලට ගෙන ඔවුන් අනුයුක්ත කෙරෙන අතර. ගුරුවරුන් බඳවා ගැනිමේ විභාගයට පෙනි සිට එම පිරිසට ගුරු සේවයට ඇතුළත් වීමේ හැකියාව ඇතැයි ලේකම්වරයා පවසයි. උපාධිධාරින්ට නායකත්ව පුහුණුවක්ද ලබාදිමට පියවර ගෙන ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *