අද සිට ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට

Share Button

අට වැනි පාර්ලිමේන්තුවට අදට වසර හතර හමාරක් සම්පුර්ණ වන බවත් ජනාධීපතිවරයාට දැන් ඕනෑම අවස්ථාවක මහ මැතිවරණයක් කැදවිමට හැකියාව ඇති බවත් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා පවසයි. මේ වසර තුළ පැවැත්වෙන මැතිවරණ සදහා 2019 ඡන්ද හිමි නාමලේඛණය යොදා ගැනේ. එම ලේඛණයේ මෙවර ඡන්දදායකයන් දෙලක්ෂ හැත්තෑ එක් දහසකගේ වැඩිවිමක් පවති. මැතිවරණය සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට මැතිවරණ කොමිසම සූදානම් කරමින් සිටින බව ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට අද එක්වෙමින් ඔහු කිවේය ~ මෙවර මැතිවරණය සදහ රුපියල් මිලියන හයදහසත් හත්දහසත් අතර මුදලක් වැයවෙතැයි අපේක්ෂා කෙරේ. මේ වනවිට පිළිගත් දේශපාලන පක්ෂ 70 ක් පවති. පාර්ලිමේන්තුව විසුරුවා දින 10 න් නාමයෝජනා භාරගැනිම ආරම්භ වේ ~ ඉන්පසු දින 07 කින් නාමයෝජනා භාරගැනිම අවසන් වේ. මැතිවරණ කාල පරිච්ඡේදය තුළදි වුවද සාමාන්‍ය බඳවාගැනිමේ පටිපාටියට අනුව බඳවාගැනිම් සිදු කරයි නම් සහ පක්ෂග්‍රාහි වැඩපිළිවෙලක් නොවේ නම් ඒ සම්බන්ධයෙන් මැදිහත්විමක් නොකරන බව ඔහු කිවේය ~ එහෙත් එවැනි අවස්ථා විමර්ශනය කරන බව සමන් ශ්‍රි රත්නායක මහතා අවධාරණය කළේය ~ 1981 සීමා නිර්ණ වාර්තාව අනුව සෑම දිස්ත්‍රික්කයටම මන්ත්‍රිවරුන් හතර බැගින් වෙන් කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *