ශ්‍රි ලංකා වරාය අධිකාරිය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි

Share Button

ශ්‍රි ලංකා වරාය අධිකාරිය ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලබයි.ග්ලෝබල් පෝර්ට් ෆෝරම් විසින් සංවිධානය කර තිබු උළෙලේදි වසරේ වරාය අධිකාරිය සහ වරාය යටිතල පහසුකම් සංවර්ධනය යන සම්මාන මෙහිදි ශ්‍රි ලංකාවට හිමිවිය.ඒ අනුව අඛණ්ඩව වසර ත්‍රිත්වයක් වසරේ වරාය අධිකාරිය සම්මානය ශ්‍රි ලංකා වරාය අධිකාරිය දිනාගැනීම විශේෂත්වයකි.ඩුබායි හිදි පැවැති සම්මාන උළෙලට ශ්‍රි ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් එහි සේවා සැපයුම් පිලිබද අධ්‍යක්ෂ උපුල් ජයතිස්ස මහතා සහ මෙහෙයුම් කටයුතු පිලිබද අධ්‍යක්ෂ ජයන්ත පෙරේරා මහතා සහභාගි වුහ.මිට සුභපැතුම් එක්කරමින් අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසුවේ වරායේ කඩිනම් සංවර්ධනයක් ඇති කරන බවත් වරාය පිලිබද තින්දු ගැනිමේ දි සමස්ත සේවක මණ්ඩලයට සහ රටට ඵලදායි අන්දමින් ක්‍රියා කරන බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *