පාර්ලිමේන්තුව විසුරුවයි

Share Button

පාර්ලිමේන්තුව විසුරුවා හැරේ.පාර්ලිමේන්තු මැතිවරණ පනතින් ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අංක දෙදහස් එකසිය විසි පහ ඇල ඉරක් අට යන ගැසට් නිවේදනය ඊයේ නිකුත් කළේය.ඒ අනුව අප්‍රේල් මස 25 වනදා මහ මැතිවරණය පැවැත්වේ.ඒ සදහා නාම යෝජනා කැදවීම අප්‍රේල් මස 12 වනදා සිට 19 වනදා දක්වා සිදු කෙරේ.ඉදිරි මහ මැතිවරණයෙන් තේරී පත්වන මීලග පාර්ලිමේන්තුව රැස්වන්නේ මැයි මස 14 වනදායි.2015 වසරේ අගෝස්තු මස 7 වනදා මහ මැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව පිහිටවූ අටවන පාර්ලිමේන්තුව පළමු වරට රැස්වූයේ එම වසරේ සැප්තැම්බර් මස පළමුවනදායි.එම පාර්ලිමේන්තුවේ වසර 4 ක් සහ මාස 6 ක කාලයක් ඊයේ මධ්‍යම රාත්‍රියේදී සම්පුර්ණ විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හැත්තෑව එක ව්‍යවස්ථාවට අනුව නිල කාලය වසර හතර හමාරක් ඉක්මවීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විධායක ජනාධිපතිවරයාට බලතල තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *