සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සිව්වන සැකකරුගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කෙරේ

Share Button

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡා සිද්ධියේ සිව්වන සැකකරු වන රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් රූමී මහතාට පනවා තිබු විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි. පැමිණිල්ල පසුගියදා කැදවු අවස්ථාවේ මොහොමඩ් රූමිී මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව එම නියෝගය කර තිබේ. මේ අතර එම සිද්ධියේ තවත් සැකකරුවන් දෙදෙනෙකු වන සුදුවෑන් රියදුරන් ලෙස පෙනි සිටී සරත් කුමාර හා අතුල සංජීව මදනායක යන සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *