ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

Share Button

ආනයනික මසුන් මත අය කෙරෙන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබේ. දේශීය ධීවරයන් ආරක්ෂා කිරීම සහ ධීවර කර්මාන්තය නගා සිටූවීම අරමුණු කොටගෙන අග්‍රාමාත්‍ය මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ. ඒ අනුව බදු සහන මත ආනයනික මසුන් කිලෝවක් සඳහා වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මසුන්ගේ වටිනාකමින් සියයට 10 ක් හෝ කිලෝවකට රුපියල් 150 ක් වනු ඇත. මෙතෙක් බදු සහන මත ආනයනික මසුන් සඳහා අය කරනු ලැබුවේ වටිනාකමින් සියයට 10 ක හෝ කිලෝවකට රුපියල් 25 ක බද්දක් පමණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11