කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය මේ මස 21 වැනිදා හපුතලෙන් ක්‍රියාවට නැංවෙයි

Share Button

මෙරට ප්‍රථම වරට ක්‍රියාත්මක කෙරෙන කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය මේ මස 21 වැනිදා හපුතලේ කහත්තේවෙල ගම්මානයේ ආරම්භ කිරිමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරයි. අපි වවලයි අපි කන්නේ වගා සංවර්ධන වැඩසටහන යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ. රුපියල් මිලියන 80 ක මුදලක් මේ සඳහා වැය කෙරේ.

ඒ අනුව කහත්තේවෙල ගම්මානයේ පිහිටි ප්‍රධාන ඇලමාර්ග වන යටල ඇල හා සිරිමල්වත්තයාය ඇල පුර්ණ ලෙස ප්‍රතිසංවර්ධනය කෙරේ. මීට අමතරව ආගමික සිද්ධස්ථාන සංවර්ධනය. කෘෂි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. කහත්තේවෙල පලතුරු ගම්මානය පිහිටුවීම. මී මැසි පාලනය. කෘෂිමාර්ග සංවර්ධනය. කොස්පැල පන්දහසක් රෝපනය ඇතුඑ වැඩසටහන් රැසක් මෙහිදි ක්‍රියාවට නැංවෙයි. මෙම සංවර්ධන වැඩසටහන ක්‍රියාවට නැංවීමෙන් පසු කහත්තේවෙල ගම්මානයේ පවුල් 160 කට පමණ සෙත සැලසේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *