මෙරට මුල් ළමාවිය සංවර්ධනය සඳහා ඉදිරිපත්වු යෝජනා යථාර්ථයක් බවට පත්කිරීමට කැපවන බවට මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රතිඥා

Share Button

මෙරට මුල් ළමාවිය සංවර්ධනය සඳහා ඉදිරිපත්වු යෝජනා 2019 ආයවැය යෝජනාවලට ඇතුලත්කර ඒවා යථාර්ථයක් බවට පත්කිරිමට කැප වන බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවිර මහතා පවසයි. ඇමතිවරයා මේ බව ප්‍රකාශ කලේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල සංවිධාන කළ බුද්ධි වර්ධනය තුලින් අනාගතය ගොඩනැගීම මැයෙන් කොළඹ අද පැවති වැඩමුඑවකට එක්වෙමිනි.

එහිදී සෞඛ්‍ය හා පෝෂණ. කාන්තා සහ ළමා. අධ්‍යාපන යන අමාත්‍යාංශ මගින් මුල් ළමාවිය සංවර්ධනයට අදාල ඉදිරි අයවැයට ඇතුලත් කිරීමේ යෝජනාවලියක් ඇමතිවරයා වෙත ලබාදීම සිදුවිය. වැඩිදුරටත් අදහස් දැක්වු මංගල සමරවිර මහතා අධ්‍යාපන ක්ෂේත්‍රය තුලින් ශ්‍රි ලංකාව ජග්‍රහන රැසක් ලබාගෙන ඇතැයි කිවේය.

පූර්ව ළමාවිය සංවර්ධනය අධ්‍යාපනයේ කොටසක් ලෙස සලකා එහි පුඑල් සංවර්ධනයක් ඇති කිරිමට කටයුතු කරන බව ද හෙතෙම කීය. වසර 2020. 2025 කාලය සඳහා මෙරට අධ්‍යාපනය වෙනුවෙන් ජාතික අයවැයෙන් සියයට 6 ක් වෙන්කරන බව ද ඇමතිවරයා පැවසිය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *