තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීම සඳහා වු ප්‍රමුඛ පියවරක් ලෙස වන ඝනත්වය ඉහළ නංවා ගැනීමට ශ්‍රි ලංකා රජය කැපවී සිටින බව ජනපති පවසයි

Share Button

තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනිම සඳහා ප්‍රමුඛ පියවරක් ලෙස දැනට පවතින වන ආවරණය ආරක්ෂා කරගැනිමටත් එය සියයට 32 දක්වා වර්ධනය කර ගැනිමටත් වඩා සුදුසු පියවර අනුගමනය කිරීමට ශ්‍රි ලංකාව කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසයි. ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කලේ හයවැනි ලෝක වනාන්තර සතිය සැමරුම් සමුඑවේ හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වැනි සැසිවාරයේ විශේෂ දේශනය සිදුකරමිනි.

එම සමුඑව ඉතාලියේ රෝම නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකර්ම සංවිධාන මුලස්ථානයේදී අද පෙරවරුවේ ආරම්භ විය. ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කලේ වනාන්තර වලින් මිනිසාට සමාජ ආර්ථික ප්‍රතිලාභ රැසක් උදාවන බවයි. ආහාර. බලශක්ති වාසස්ථාන ඇතඑ මානුෂීය අවශ්‍යතා සපුරාලන වන පද්ධතිය තිරසර ලෙස කළමනාකරණය කිරිම ඉතා වැදගත් බව ද ජනාධිපතිතුමා පැවසීය. ඒ සඳහා පුඑල් සංවාදයකට මෙන්ම තිරන්දු තීරණ ගැනිමට හොඳම වේදිකාව ලෝක වන සංරක්ෂණ කමිටුව බව පැවසූ ජනාධිපතිතුමා එය හමුවේ ඇති න්‍යාය පත්‍රය ඉතා සංකීර්ණ මෙන්ම අභියෝගාත්මක වුවද ඒවා ජයගැනිම සඳහා සියලු සාමාජික රටවල් සාමුහිකව කැපවිය යුතු බව අවධාරණය කලේය.

ශ්‍රි ලංකාවේ ශතවර්ෂ කිහිපයකට පෙර තිබූ සියයට 50 කට වැඩි වන ආවරණය මේ වන විට සියයට 29 දක්වා පහත ගොස් තිබේ. විශාල වශයෙන් සිදුවන කෘෂිකාර්මික කටයුතු සහ ජනාවාස ඉදිකිරිම මීට හේතුවී ඇත. මේ හේතුවෙන් ශ්‍රි ලංකාවට දැඩි පාරිසරික උවදුරුවලට මුහුණදිමට සිදුවී තිබේ. වනාන්තර ප්‍රතිරෝපනය රජයේ ප්‍රධාන වගකීමකි. වසර 2020 වන විට පැල මිලියන 5 ක් වගා කිරීම මුහුදු මට්ටමින් අඩි පන්දහසකට ඉහලින් පිහිටා ඇති වනාන්තර එළි කිරීම තහනම් කිරීම සෑම පාසල් දරුවෙකුම එක් පැලයක් රෝපනය කිරිමට දිරිමත් කිරිම ඇතුඑ වැඩසටහන් රැසක් රජය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව ජනාධිපතිතුමා පැවසිය.

එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ශ්‍රි ලංකාවට නිරන්තරයෙන් ලබාදෙන සහාය ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක්විය. එක්සත් ජාති්න්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ජෝස් ග්‍රාසියානො ්ද සිල්වා මහතා සමුඑව අමතමින් පැවසුවේ සාමාජිකි රටවලට තිරසර සංවර්ධන ඉලක්ක සම්පුර්ණ කරගැනිම සඳහා සහාය දැක්විම තම සංවිධානයේ අරමුණ බවයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *