දින 14 ක් නිවෙස් තුළටමවී රැඳි සිටින ලෙස විදෙස්ගතව සිට දිවයිනට පැමිණෙන ප්‍රජාවගෙන් ඉල්ලීමක්

Share Button

දකුණු කොරියාව  ඉතාලිය සහ ඉරානයේ සිට පැමිණෙන මගින් නිරෝධායනයට ලක් කිරීමට හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි  ඒ අනුව හෙට උදෑසන දකුණු කොරියාවේ සිට පැමිණෙන ගුවන්යානයේ මගින් නිරෝධායනය සදහා මඩකලපුව පුද්ගලික විශ්ව විද්‍යාලයට හා කන්දකාඩු පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයට රැගෙන යාමට නියමිතයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අද පස්වරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ බව පැවසිය  මේ සම්බන්ධයෙන් ගුවන් තොටුපල අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමග සාකච්ඡා කළ බව ඔහු සදහන් කළේය  විෂබිජ හරණය කළ බස් මගින් මෙම පිරිස් රැගෙන යාම සිදුවෙයි  එහිදී වෙන් වෙන්ව තබා දින 14 ක කාලයක් ඔව්හු නිරෝධායනයට ලක් කෙරෙති  මීට අමතරව එම ප්‍රදේශයේ ඇති රෝහල් මගින්ද අවශ්‍යතා මත සෞඛ්‍ය පහසුකම් ලබාදීමට ක්‍රියා කෙරේ

බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සමග සාකච්ඡාකර ඉන්දියාවේ වන්දනා චාරිකා නතර කළ බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය ඉන්දියාවේ කොරෝනා රෝගීන් 19 දෙනෙකු වාර්තාවීම ඊට හේතුවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *