අමෙරිකාව සෞදි අරාබිය යුරෝපිය සංචාරකයන්ට තහනම් වෙයි

Share Button

සියලුම යුරෝපිය රටවලට සංචාරය කිරිම සහ තවත් රටවල් 12 කට යාම සෞදි අරාබිය තාවකාලිකව අත්හිටුවයි අදාල රටවල් 12 ට ශ්‍රි ලංකාව ද ඇතුළත් ය  කොරෝනා වෛරස් තත්ත්වය මීට හේතු වී තිබෙ  මේ අතර ඉන්දිය රජය ද සංචාරක වීසා ඔස්සේ සිය රටට ඇතුඵවිම හෙට සිට අප්‍රේල් 15 වැනිදා තෙක් තහනම් කර තිබෙ  මේ සදහා නිර්නායක කිහිපයක් ද හදුන්වා දී ඇත  කෙසේවුවත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ වීසා සහ එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුඵ වෙනත් ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයන්ට වීසා නිකුත් කෙරේ  මේ අතර යුරෝපිය සංචාරයකයන්ට අමෙරිකාව තහනමක් පනවා තිබේ  දින 30 ක කාලයක් සදහා එය බල පැවැත්වෙ  අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා යුරෝපයට නව සංචාරක සීමා පනවන බව ධවල මන්දිරයේ සිට පැවසීය කෙසේවුවත් බ්‍රිතාන්‍ය සදහා මෙම නිති අදාල නොවේ  මෙම නිති සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මකයි  චීනයෙන් ඊයේ දිනයේදි වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 08 දෙනෙකු පමණි  ඒ අනුව රෝගය පැතිරයාම ආරම්භ වීමෙන් පසු තනි ඉලක්කමක් යටතේ රෝගින් වාර්තා වූ ප්‍රථම අවස්ථාව මෙයයි  මේ අතර ලෝකයේ ජනප්‍රියතම හොලිවුඩ් නඵවෙකු වන ටොම් හෑන්ක්ස් සහ ඔහුගේ බිරිඳ වන රීටා විල්සන් හටද කොරෝනා වැළදි ඇතැයි ඔස්ට්‍රේලියානු වාර්තා සදහන් කරයි
මේ අතර යුරෝපයේ වැඩිම අවදානමට ලක්ව ඇති ඉතාලියෙන් ඊයේ දිනයේදි පමණක් මරණ 200 කට අධික සංඛ්‍යාවක් වාර්තා විය  ඒ අනුව එරට සිදු වී ඇති මුඵ මරණ සංඛ්‍යාව 830 ක් පමණ වේ  මේ වනවිට එරටෙහි අලෙවිසල්ඩ්  ඖෂධ ශාලා සියල්ලම වසා දමා ඇ ඉරානයෙන් මරණ 354 ක් වාර්තා වේ  ඉරානය සදහන් කළේ අමෙරිකාව තම රටට පනවා ඇති අසාධාරණ සම්බාධක හේතුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කිරිමට අපහසු වී ඇති බවයි කටාර් රාජ්‍යයේ ආසාදිතයන් සංඛ්‍යාව 24 ක් වූ අතර ඊයේ එක්වරම එම සංඛ්‍යාව 238 කින් ඉහළ ගියේය  මේ වනවිට ලොවපුරා මරණ 4400 ක් සිදු වී තිබෙ
අමෙරිකාවේ ප්‍රාන්ත 35 කට වැඩි සංඛ්‍යාවකට කොරෝනා පැතිරි තිබේ ඉ න් 23 කට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත   ගෙවුණු පැය 24 දී චීනයෙන් කිසිදු කෝවිඩ් මරණයක් වාර්තා වී නොමැත  ලොවපුරා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ විසිහයදහස ඉක්මවා තිබෙ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *