ශ්‍රි ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පූර්ණ සහාය පළකෙරේ

Share Button

කොරෝනා වෛරසය මර්දනයේ දී ශ්‍රි ලංකාව ලබාදුන් සහාය චීන රජයේ ඇගයිමට ලක්වෙයි  ශ්‍රි ලංකාවේ වැඩබලන චීන තානාපති හූ වෙයි මහතා ඊයේ සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හමු වූ අතර එහිදි ඔහු මේ බව පැවසිය ශ්‍රි ලංකාවේ කොරෝනා මර්දනයට චීන රජයේ පූර්ණ සහාය ලබාදෙන බවට තානාපතිවරයා එහිදි සහතික විය  කොරෝනා වෛසරය ආසාදිතව හමු වූ චීන ජාතික කාන්තාවට ශ්‍රි ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවාව තුලින් ප්‍රතිකාර ලබාදි ඇයව ආදරයෙන් රැක බලා ගැනිම පිළිබඳව ජනාධිපතිතුමාට අගමැතිතුමාට සහ සමස්ත ජනතාවට චීන රජයේ සහ ජනතාවගේ ස්තුතිය පුද කරන බව ද ඔහු කිවේය   ශ්‍රි ලංකා රජයට අවශ්‍ය ඖෂධ  වෛද්‍ය උපකරණ   මුදල් ඇතුඵ ඕනෑම සහයෝගයක් ලබාදිමට චීන රජය කිසිවිටෙකත් පසුබට නොවන බව හෙතෙම අවධාරණය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *