කිලෝග්රූම් 100 ක හෙරෝයින් සමග 11 ක් අත්අඩංගුවට
පාකිස්ථානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක තිබූ කිලෝග්රූම් 100 කට ආසන්න හෙරෝයින් ප්‍රමාණයක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. පකිස්ථාන ජාතිකයෝ දෙදෙනෙක් ද ඊට ඇතුලත් වෙති. මෙම හෙරෝයින් තොගය අර්තාපල් ගෙඩි 388 ක සූක්ෂම ලෙස සගවා තිබුනි. මීගමුව ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකෙරිණ. එම කන්ටේනරයේ ඇති අර්තාපල්වල තවත් හෙරෝයින් සගවා ඇද්දැයි විමර්ශනය කරන බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය ප්‍රකාශ කරයි.