මහජනයා ගැවසෙන සියඵ උත්සව තහනම්- නිරෝධායනයට විරුද්ධ වන පුද්ගලයින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට

Share Button

මහජනයා ගැවසෙන සියඵ උත්සව තහනම් කිරීමට රජය තීරණය කර ඇත සිනමා ශාලා වසා දමා තිබේ රෝගය පාලනය කිරීම මෙහි අරමුණයි සත්වෝද්‍යාන ඇතුඵ ජනතාව රැස්වන ස්ථාන සති දෙකක් වසා දැමීමට කටයුතු කර ඇත නිරෝධායනයට විරුද්ධ වන පුද්ගලයින් වරෙන්තු නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය පවරා ඇත
කොරෝනා වයිරසයට තවමත් නිශ්චිත ප්‍රතිකාර හදුනාගෙන නොමැති බැවින් සෑම විටම ආරක්ෂාකාරී වීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග පිළිබද විද්‍යාඥ සුදත් සමරවීර මහතා පවසයි වයිරස්වලට ප්‍රතිවයිරස් ඖෂධ ඇත්තේ සීමා සහිත සංඛ්‍යාවක් බව හෙතෙම ජාතික ගුවන් විදුලියට පැවසිය දැනටමත් වයිරසය රටට ඇතුඵ වී ඇති බැවින් මහජනතාව කණ්ඩායම් ලෙස එක්වීමෙන් වැලකී සිටිය යුතුය සෙම්ප්‍රතිශ්‍යාව උණ හා කැස්ස පවතී නම් ළගම රජයේ රෝහල වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය වෙයි එමගින් සැක හා බිය මගහරවා ගත හැකිය අධික තෙහෙට්ටුව හා ඇගපත වේදනාව ද කොරෝනා වයිරසයේ රෝග ලක්ෂණ වෙයි අයි ඩී එච් රෝහල හැරුනු විට දිවයිනේ රෝහල් 17 ක කොරෝනා වයිරසයට ප්‍රතිකාර සිදු කෙරේ වයිරසය පිළිබඳව දැන ගැනීමට හෝ රෝගීන් පිළිබඳව දැනුම් දීමට සෞඛ්‍ය අමාත්‍යංශය 071-01-07-107 යන දුරකතන අංකය හදුන්වා දී තිබ

===

මෙරට කොරෝනා ආසාදිත සංඛ්‍යාව 10 දක්වා ඉහල යයි රෝගය ආසාදනය වී ඇති බවට සැකකෙරන 103 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති කොරෝනා බවට සැකකෙරෙන බන්ධනාගාර රැදවියකුද අයි ඩී එච් රෝහලට යොමු කර තිබේ අසර්බයිජානයේ සේවය බර පෙබරවාරි මාසයේ මෙරටට පැමිණි ඔහු පසුගිය සිකුරාදා බන්ධනාගාර ගත කර තිබිණ මේ අතර දෙවැනි කොරෝනා රෝගියාගේ නිවස සම්පුර්ණයෙන්ම විෂබීජ හරණයට පියවර ගෙන ඇත කොරෝනා ආසාදනය වූ නමවන රෝගියා මේ මස 7 වනදා ඉතාලියේ සිට මෙරටට පැමිණි 56 හැවිරිදි කාන්තාවකි අනෙක් රෝගියා වයස අවුරුදු 17 ක ගැහැණු දරුවෙකි ඇය කලින් තහවුරු කරගත් රෝගියකුගේ ඥාතියෙකි මෙම සියඵ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර සහ අවධානය යොමු කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි ඔවුන් ආරක්ෂිතව අදාල සෞඛ්‍ය කටයුතු සදහා යොමු කෙර

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11