කෘෂි ව්‍යවසායක්තව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙලක්

Share Button

ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට ක්‍රියාත්මක කෙරෙන කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල ලබන සෙනසුරාදා ඇරඹේ. අපි වවලයි අපි කන්නේ වගා සංවර්ධන වැඩසටහන යටතේ එය ක්‍රියාවට නැංවේ. වැඩපිළිවෙල යටතේ සංවර්ධනය කෙරෙන පලමු ගම්මානය ලෙස හපුතලේ කහත්තේවෙල ගම්මානය තෝරා ගෙන තිබේ. එම ගම්මානය සංවර්ධනය සදහා කෘෂිකර්ම අමාත්‍යංශය වැය කරන මුදල රුපියල් කෝටි අටකි. ගම්මානයේ පිහිටි ප්‍රධාන ඇල මාර්ග දෙකක් වන යටලඇල හා සිරිමල්වත්තයාය ඇල පුර්ණ සංවර්ධනයකට ලක් කෙරේ. ඊට අමතරව ආගමික සිද්ධස්ථාන භුමි සංවර්ධනය කිරීම. කෘෂි සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. වනසතුන්ගෙන් බෝග ආරක්ෂා කර ගැනීම සදහා විදුලි වැට සකස් කිරීම. මීමැසි පාලනය. කෘෂි මාර්ග සංවර්ධනය. අලෙවි මධ්‍යස්ථාන පිහිටුවීම ආදි ක්‍රියාමාර්ග රැසක් වැඩපිළිවෙල යටතේ ගැනීමට නියමිතයි. කහත්තේවෙල පලගුරු ගම්මානය පිහිටුවීම වැඩපිළිවෙලට අයත් වෙයි.
කෘෂි ව්‍යවසායකත්ව ආදර්ශ ගම්මාන වැඩපිළිවෙල අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලෙස ඇමති මහින්ද අමරවීර මහතා අදාල අංශවලට උපදෙස්දී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *