කොරෝනා වෛරසය හේතුවෙන් යුරෝපීය මරණ සංඛ්‍යාව ඉහලට

Share Button

කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය ස්පාඤ්ඤය හා ප්‍රංශය යන රටවලින් එක් දිනක් තුළ වැඩිම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තා විය. වෛරසය ආසාදනයවීමෙන් ඉතාලියේ 368 දෙනෙකු මරණයට පත්වී තිබේ. ඒ අනුව එරට මුඵ මරණ සංඛ්‍යාව 1809 ක් දක්වා ඉහල යයි. ස්පාඤ්ඤයේ මරණ 97 ක් වාර්තාවී තිබේ. එරට මුඵඟණන 288 කි. ප්‍රංශයේ සමස්ත මරණ සංඛ්‍යාව 120 දක්වා ඉහල නංවමින් ඊයේ මරණ 29 ක් වාර්තා විය. බ්‍රිතාන්‍යයෙන්ද මරණ 14 ක් වාර්තාවී තිබේ. ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 35 කි. යුරෝපයේ රටවල් ගණනාවක් තම වැසියන්ට ගමනා ගමන සීමා පනවා ඇති අතර දේශසීමා නීති දැඩිකර තිබේ. ප්‍රංශය ස්විට්සර්ලන්තය ඔස්ට්‍රියාව ඩෙන්මාර්කය හා ලක්සම්බර්ග් යන රටවල් සමග ඇති දේශසීමා අද පෙරවරුවේ සිට වසා දැමිමට ජර්මනිය තිරණය කර තිබේ. පාතුගාලය ද ස්පාඤ්ඤය සමග ඇති දේශසිමාව වසා දමනු ඇත. ඔස්ට්‍රියාව 05 දෙනෙකුට වඩා වැඩියෙන් ඒකරාශිවීම තහනම් කර තිබේ. යුරෝපයේ රටවල් රැසක පාසල් මේ වනවිට ක්‍රියාත්මක නොවේ. යුරෝපය කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය හදුන්වයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *