නව කොරෝනා වෛසරය පැතිර යාම වැලැක්වීමේ අරමුණින් ලොව පුරා රටවල් රැසක් දැඩි පියවර

Share Button

නව කොරෝනා වෛසරය පැතිර යාම වැලැක්වීමේ අරමුණින් ලොව පුරා රටවල් රැසක් දැඩි පියවර හදුන්වා දී තිබේ  ජර්මනිය එරට දේශසීමා තර කර ඇත  එරටින් ඊයේ දිනයේ ආසාදිතයන් දහසක් වාර්තා විය  ජර්මනියෙන් වාර්තා වන මුථ ආසාදිතයන්ගේ සංඛ්‍යාව හාර දහස් අටසියයක් වෙයි  ප්‍රංශය ස්විස්ටර්ලන්තයඩ්ඕ ස්ට්‍රියා ලක්සෙම්බර්ග් සහ ඩෙන්මාර්කයෙන් දිනපතා පැමිණෙන පුද්ගලයන්ට හැර සෙසු පුද්ගලයන්ට ජර්මනියට ඇතුථ වීම අද සිට ක්‍රියාත්මක පරිදි තහනම් කර ඇත  යුරෝපා රටවල් අතුරින් දෙවැනි ස්ථානයට වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි  එරටින් වාර්තා වී ඇති රෝගින්ගේ සංඛ්‍යාව හත් දහස් හත්සිය පනස් තුන් දෙනෙකි  වාර්තා වු මරණ සංඛ්‍යාව 288 කි මේ වන විට ස්පාඤ්ඤයට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ  ප්‍රංශයේ සියලු අවන්හල් සහ සාප්පු වසා දමා තිබේ  අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවි සැල් විවෘත කර තැබීමට උපදෙස් දී ඇත  තුර්කියේ් මේ වන විට පුද්ගලයන් දහසදහසකට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති  එම පිරිසක සෞදි අරාබියේ මක්කම සිට පැමිණි අය වෙති  දකුණු කොරියාවෙන් රෝගින් 61 දෙනෙකු වාර්තා වීමත් සමග එරටට ජාතික හදිසි ආපාදා තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ  කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා තවදුරටත් දැඩි පියවර ගන්නැයි බ්‍රිතානය විද්‍යාඥයෝ එරට රජයෙන් ඉල්ලීමක් කරති  ඊයේ උදැසන වනවිට බිතාන්‍යයෙන් කොරෝනා වෛරසය ආසාදිතවුවන් එක්දහස් තුන්සිය හැත්තැ දෙදෙනෙකු වාර්තා වී තිබේ  මේ වනවිට එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 35 කි
බංග්ලාදේශයේ සියථ පාසල් විශ්වවිද්‍යාල ඇතුථ සියථ අධ්‍යාපන ආයතන හෙට සිට ලබන 31 වැනිදා දක්වා වසා දමන බව එරට අධ්‍යාපන ඇමති දිපු මෝනි මහත්මිය පවසයි  කොරෝනා වෛසරය පැතිර යාම වැලැක්වීමේ අරමුණින් එම පියවර ගත් බව හෙතෙම කියයි
මේ වන විට ඉන්දියාවෙන් හමුවී ඇති රෝගින්ගේ සංඛ්‍යාව ද 110 දක්වා ඉහළ ගොස් තිබේ  එරට උත්තර්කාන්ද් ප්‍රදේශයෙන් පළමු රෝගියා අද හමුවිය  මහාරාෂ්ට්‍ර සහ උත්තර් ප්‍රදේශ් වලින් ද ආසාදිතයෙකු බැගින් හමුවී තිබේ
ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඊයේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ පනස් දහස ඉක්මවා ඇති බවයි  රටවල් 150 කට ආසන්න සංඛ්‍යාවකට වෛසරය පැතිර ගොස් තිබේ ලොව පුරා වාර්තා වු මරණ සංඛ්‍යාව පන් දහස් හත්සිය තිස් පහකි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *