අනුරාධපුර පුජා නගරයේ ආගමික උත්සව තාවකාලිකව නතර ක‍ෙරේ

Share Button

දහස්ගනන් බැතිමතුන් සහභාගි කරගනිමින් අනුරාධපුර පුජා නගරයේ පවත්වන ආගමික උත්සව තාවකාලිකව නතර කිරීම සම්බන්ධයෙන් අටමස්ථානාධිපති නායක ස්වාමින්වහන්සේ ඇතුඑ හිමිවරුන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර දිසාපති ආර් එම් වන්නිනායක මහතා පවසයි. අනුරාධපුර දිස්ත්‍රිකයට කොරෝනා ආසාදිතයන් ඇතුඑ වුවහොත් එය මර්දනය කිරීමට ගතයුතු පියවර පිළිබඳව අද සාකච්ඡා කෙරුණි. කොරෝනා පිළිබඳව නිවැරදි තොරතුරු එක්රැස් කිරීමට මධ්‍යස්ථානයක් ද ආරම්භ කර තිබේ. විදේශගත පුද්ගලයන් පැමිණෙන්නේ නම් ඒ පිළිබඳ තොරතුරු රැස්කිරිමට ද එම ඒකකයට පැවරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5