කොරෝනා ගැන නොසිතා ඇතැම් අය මහ මැතිවරණයට සුදානම් වන බවට සජිත් ප්‍රේමදාස මහතාගෙන් චෝදනාවක්

Share Button

මේ අතර සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ ඇතැම් පිරිස් කොරෝනා ගැන නොසිතා මහා මැතිවරණ සදහා වෙහෙස වි කටයුතු කරන බවයි. ලෝකයේ බොහෝ රටවල් කොරෝනා පිළිබදව හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය ද ඒ පිලිබදව මිට වඩා අවධානයක් යොමු කල යුතුයැයි ඔහු ඇතුල්කෝට්ටේ එම පක්ෂ මෙහෙයුම් කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි කිවේය. මුලු රටම විෂබිජහරණයකට ලක්කල යුතු යැයි ඔහු සදහන් කරයි. කොරෝනා වෛරස් තත්ත්වය සජිත් ප්‍රේමදාස මහතා තම දේශපාලන අරමුණු වෙනුවෙන් යොදාගෙන ඇතැයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පියල් නිශාන්ත මහතා පවසයි. මේ මොහොතේ විපක්ෂ නායකත්වය වගකීමෙන් ක්‍රියාත්මක විය යුතුය. අයහපත් ලෝක වසංගත තත්ත්වයෙන් ජනතාව මුදාගැනිමට ඔහු කල යුත්තේ ආණ්ඩුවට සහය දීමය. මහ මැතිවරණයට ඉදිරිපත් වන සියලුම දේශපාලන පක්ෂඩ් ජනතාව වර්තමානයේ සිටින තත්ත්වය අවබෝධ කරගත යුතු යැයි පියල් නිශාන්ත මහතා කියයි. එක්සත් ජාතික පක්ෂය අර්බුද රැසකට ගොදුරුවී තිබේ. කොරෝනාවෙන් දේශපාලන වාසිගැනිම මිස ඔවුන්ට විකල්පයක් නොමැත. කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කිවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-28 | 19:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,807
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 500
නව රෝගීන් සංඛ්‍යාව - 02
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 65
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,296
මරණ සංඛ්‍යාව - 11