ඇමෙරිකාවේ සියලු ප්‍රාන්තවල කොරෝනා පැතිරෙයි

Share Button

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ම කොරෝනා පැතිරෙයි. බටහිර වර්ජිනියා ප්‍රාන්තයේ පලමු රෝගියා වාර්තාවීමත් සමග සියලු ප්‍රාන්ත කරා එය විහිදි ගියේය. ප්‍රාන්ත 37 ක පාසල් වසා දමා තිබේ. මේ වනවිට ඇමෙරිකාවේ මියගිය සංඛ්‍යාව 109 කි. 6300 කට වෛරසය ආසාදනයවී ඇත. ලොවපුරා ආසාදිතයන් දෙලක්ෂයක් වාර්තාවී තිබේ. මියගිය සංඛ්‍යාව අටදහසකට ආසන්නවී ඇත. මේ අතර ඇමෙරිකාවේ ලාස්වේගාස් හි සියලුම කැසිනෝ ශාලා මාසයක් වසා තබන්නැයි ඇමෙරිකානු රජය නියෝග කර ඇත. චීනයෙන් ඊයේ වාර්තා වුයේ එක් ආසාදිතයෙකු පමණි. එරට 81 දහසකට කොරෝනා වැළඳුනු අතර 70 දහසක් සුවය ලබා තිබේ. මියගිය සංඛ්‍යාව 3241 කි. ඉතිරි පිරිස තවදුරටත් ප්‍රතිකාර ලබති. මේ අතර හොංකොං හි සුරතල් බලුපැටවෙකු කොරෝනා වැළදී මිය ගොස් ඇතැයි හොංකොං බලධාරිහු කියති. එම සුනඛයා සිටි නිවසේ කාන්තාවට ද කොරෝනා වැළදී තිබුනි. කෙසේ වුවත් ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කළේ සුනඛයාට වෛරසය ආසාදනයවී ඇද්දැයි කිසිදු සාක්ෂියක් නොමැති බවයි. ඉතාලියේ පුද්ගල මරණ 2503 ක් වාර්තාවී ඇත. ආසාදිත සංඛ්‍යාව 31 දහස් 500 ඉක්මවා තිබේ. ඉතාලියට පසු ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 533 කි. වෛරසයෙන් දැඩි සේ හෙම්බත්වී සිටින බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරික ආයතනවලට විශේෂ සහන පැකේජයක් හදුන්වාදීමට එරට රජය තීරණය කර තිබේ. ඒ අනුව ස්ටර්ලිං පවුම් බිලියන 330 ක් ඒ සදහා වෙන්කර තිබේ. කොරෝනා වෛසරයට එරෙහිව ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම සදහා යුරෝපා සංගමයේ නායකයෝ ඊයේ සාකච්ඡා ආරම්භ කළහ. අග්නිදිග ආසියානු රටවලින්ද රෝගීන් වාර්තාවීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය එම කලාපයට දැඩි අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. එම කලාපයේ රටවල් 11 න් 08 කින්ම රෝගීන් හමුවී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කලාප අධ්‍යක්ෂ ආචාර්ය පුනම් කේත්‍රපාල් සදහන් කලේ ජනතාව මෙන්ම සියලු රජයන් ද වඩා සෝදිසි ආක්‍රමණශිලි ක්‍රියාවන්හි යොමුවීම අත්‍යවශ්‍ය බවයි.

යුරෝපයේ ඊයේ පස්වරුව වනවිට ආසාදිතයන්ගේ සංඛ්‍යාව 65 දහසට ආසන්නවී තිබුනි. ඉන් 52 දහසකට වැඩි සංඛ්‍යාවක් සිටින්නේ ඉතාලිය ස්පාඤ්ඤය ප්‍රංශය ජර්මනිය ස්විට්සර්ලන්තය යන රටවලය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5