එංගලන්තයේ ක්‍රිකට් ක්‍රිඩකයන් කිහිපදෙනෙකුටම කොරෝනා

Share Button

එංගලන්ත ආරම්භක පිතිකරු ඇලෙක්ස් හේල්ස් කොරෝනා වෛරසයට ගොදුරු වෙයි. ඔහු පකිස්ථාන සුපර්ලීග් ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව මීට දින කිහිපයකට පෙර යලි බ්‍රිතාන්‍ය බලා පැමිණියේය. මෙම තත්ත්වය හේතුවෙන් තමන් නිවෙස්දීම ස්වයං නිරෝධායනයකට ලක්වන බව ඇලෙක්ස් හේල්ස් පවසයි. පකිස්ථාන ක්‍රිකට් ප්‍රධාන විධායක වසීම් ඛාන් පැවසුවේ ඔහුට කොරෝනා ආසාදනයවීම තම රටේදී සිදුවුයේදැයි පැහැදිලි නොමැති බවයි. ඒ අතරම එංගලන්තයේ සරේ ප්‍රාන්තයේ ක්‍රිකට් ක්‍රිඩකයින් 06 දෙනෙකුට කොරෝනා ආසාදිතවී තිබේ. ඔවුන්ව ද නිරෝධායනයට ලක්කර ඇත. සරේ ක්‍රිකට් පිලේ ඩුබායි පුහුණු සැසිය අවලංගු කර ඇත. ඔස්ට්‍රෙිලියාවේ ද සියලු ක්‍රිකට් තරග අත්හිටුවා තිබේ. ජපානයේ ඔලිම්පික් කමිටු නියෝජ්‍ය ප්‍රධානි කෝසෝ ටෂිමා ටද කොරෝනා වැළදෙයි. ඔහු මීට දින කිහිපයකට පෙර යුරෝපා රටවල් කිහිපයක සහ ඇමෙරිකාවේ සංචාරයක යෙදි ඇත. එම සංචාර අවසානයේ ඔහුට රෝග ලක්ෂණ මතුවී තිබේ. යුරෝ විස්සයි විස්ස පාපන්දු තරගාවලිය වසරකින් කල්දැමිමට ක්‍රියාකර ඇත.

සියලු පාසල්වල ක්‍රිඩා තරග අප්‍රේල් 20 වැනිදා දක්වා නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය සියලුම විදුහල්පතිවරුන්ට දන්වා තිබේ. ඩයලොග් පාසල් රග්බි තරගාවලිය මේ වනවිට අත්හිටුවා තිබේ. එය යලිත් අප්‍රේල් මාසයේදී පවත්වන බව ශ්‍රී ලංකා රග්බි පාසල් සංගමය සදහන් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *