නෙළුව ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය චන්ද්‍රපාල ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්

Share Button
ගාල්ල නෙළුව ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය දා පැවැත්වුණි.
 
එහි ප්‍රධාන ආරාධිතයා ලෙස එම පාසලේ ආදි ශිෂ්‍ය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා සහභාගි වී සිටියේය. 
2018 හා 2019 වසරවල පාසලේ දක්ෂතා දැක්වූ සිසුන්ට මෙහිදී ත්‍යාග පිරිනැමුණි.
මෙහිදී උත්සවය ඇමතූ චන්ද්‍රපාල ලියනගේ මහතා ප්‍රකාශ කළේ පාසලින් ලැබෙන දැනුම, පරිසරයෙන් ලබා ගන්නා අත්දැකීම් හා සමාජීය සාධක ඇතුළු කරුණු ගණනාවක් දරුවාගේ මනස දියුණුවීමට බලපාන බවයි. 
පාසලින් පිටවන දරුවා සාමාජය තුළ අතරමං නොවී ඉදිරියට රැගෙන යාමට රටේ  ආයතන පද්ධති‍ය ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු පෙන්වා දුන්නේය.
 
වසර 115 ක ඉතිහාසයක් හිමි නෙළුව ජාතික පාසල 1905 වසරේ දී  ඇරඹුණි.
 
අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් බිහිවූ පාසල් පද්ධතිය තුළ විද්වතුන් රැසක් බිහිකළ ප්‍රධාන පෙලේ පාසලක් වශයෙන් මෙම පාසල කැපී පෙනේ. 
 
මෙම පාසලෙන් වාර්ෂිකව සිසුන් විශාල පිරිසක් විශ්වවිද්‍යාවලට ඇතුළත් වෙති.
Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11