අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්හි කිසිදු හිගයක් නැතැයි අවධාරණය කෙරේ

Share Button

එමෙන්ම බොහෝ ප්‍රදේශවල පවතින කාලගුණය හා වත්මන් වාතාවරණය සලකා බලා සාධාරණ මිලකට අත්‍යවශ්‍ය ආහාර සැපයිමේ අවශ්‍යතාව අනුව පරිප්පු කිලෝග්‍රූමයක් සදහා උපරිම සිල්ලර මිල රුපියල් 65 දක්වාත් ටින්මාඵ ග්‍රූම් 425 ක උපරිම මිල රුපියල් 100 දක්වාත් අඩු කර තිබේ . .්එය දුගී දුප්පත් ජනතාව වෙනුවෙන් රජය ගත් ක්‍රියාමාර්ගයකි.

එමෙන්ම එම මිලට වැඩියෙන් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩික්‍රියාමාර්ග ගැනේ. ඊට අමතරව පිටකොටුව තොග වෙළෙඳසල් වලට රජය උපදෙස් දී ඇත්තේ ඉකුත් මාසයේ ලබාගත් ටින්මාඵ ඇනවුම් හා සමාන තොග පමණක් නිකුත් කරන ලෙසයි. අනවශ්‍ය ලෙස තොග රැස් කර ගැනිම වැලැක්විම සදහා මෙම පියවර ගෙන තිබේ .

කොරෝනා වෛරසය සමග මෙරට සංචාරක . නිමි ඇදුම් . විදේශ රැකියා. තොරතුරු තාක්ෂණ. සුඵ කර්මාන්ත හා ව්‍යාපාරික යන ක්ෂේත්‍ර පහ සදහා ඇති වී තිබෙන බලපෑම වලක්වා අදාල ක්ෂේත්‍රවල ව්‍යාපාර තිරසර ආකාරයෙන් පවත්වාගෙන යාම සදහා ද ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ. ඒ අනුව එම ක්ෂේත්‍රවල ව්‍යාපාර. ලබාගෙන ඇති ණය ගෙවිම මාස 06 ක කාලයක් සදහා නතර කෙරේ.

එය මාර්තු 20 වැනිදා සිට ක්‍රියාත්මකයි. සියයට 04 ක පොලි අනුපාතයක් යටතේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සලසා දිමටද බැංකුවලට උපදෙස් දී ඇතැයි අමාත්‍යවරයා පැවසිය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ එම වැඩපිලිවෙල කඩිනමින් ක්‍රියාත්මක කිරිම සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11