කොරෝනා මැඩලිමට රජයෙන් රුපියල් මිලියන 500 ක අතිරේක මුදලක්

Share Button

කොරෝනා වෛරස තත්ත්වය පැතිර යාම මැඩලිම සදහා වන ක්‍රියාකාරකම් වලට අතිරේකව රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර ඇතැයි ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කිවේය. ගෝලීය ආර්ථිකයට කොවිඩ් නයින්ටින් රෝගය සමග එල්ල වී ඇති අභියෝග හමුවේ මෙරට ආර්ථිකය පාලනය කිරිම සදහා රජය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබේ .

රටේ මහජන සෞඛ්‍ය සේවා සැපයිම. රෝග නිවාරණය කිරිම. ඇතුඵ විශාල පරාසයක පැතිරුණු සේවා හා සැපයුම් සලසා දිම. මෙන්ම සංචාරක . අපනයන. විදේශ රැකියා තොරතුරු තාක්ෂණය සහ එම ක්ෂේත්‍ර වලට සම්බන්ධ සුඵ ව්‍යාපාර වලට ඇති වී තිබෙන හානිය පාලනය කිරිම සදහා රජය මැදිහත් වී ඇතැයි ඇමතිවරයා කිවේය.

ඉකුත් මාර්තු 02 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හරින විට අතුරු සම්මත ගිනුමක් නොතිබුණ අතර අනුමත කළ අතුරු සම්මත ගිණුම මගින් 2019 ට අදාලව ගෙවිම් සදහා බිල්පත් නිරවුල් කිරිමට ප්‍රතිපාදන ප්‍රමානවත් නොවිණි.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමා වෙත පැවරී ඇති බලතල අනුව එම කාර්යයන් සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාගැනිමට විධිවිධාන බලාත්මක කර ඇත. ඒ අනුව මහා භාන්ඩාගාරය මගින් හිග ඖෂධ බිල්පත් පියවිම සදහා රුපියල් බිලියන 10 ක මුදලක් මුදා හැර තිබේ .

එමගින් රටතුළ ඖෂධ හිගයක් ඇති නොවිමටත් අදාල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය ඖෂධ මිලදි ගැනිම සදහා ක්‍රියාමාර්ග ගැනිමටත් ඉඩ සැලසේ. එමෙන්ම පොහොර. ප්‍රසම්පාදන බිල්පත් නිරවුල් කිරිම සදහා රුපියල් බිලියන 03 ක මුදලක් මුදා හැර ඇත. කුඩා හා මධ්‍ය පරිමාණ ඉදිකිරිම් කොන්තාත්කරුවන්ගේ බිල්පත් නිරාකරණය කිරිම සදහා රුපියල් බිලියන 05 ක මුදලක් ලබා දී ඇත. වසර දෙකක් පුරා ගෙවා නොමැති ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වලට අදාල පොලි සදහා රුපියල් බිලියන 46 ක් වෙන් කර තිබේ .

ඉකුත් රජය සමයේ මෙම පොලි ගෙවන ලෙස බැංකුවට නියෝග කළද රජයේ මූල්‍ය කළමනාකරණයේ වැරදි නිසා වසර දෙකක් මහා භාණ්ඩාගාරය අදාල මුදල් බැංකු වලට ගෙවා නොමැත. එය නිවැරදි කිරිම මෙමගින් සිදු කෙරේ. ඊට අමතරව මැතිවරණය සදහා රුපියල් බිලියන 08 ක ප්‍රතිපාදන ලබාදි තිබේ.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-03 | 18:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,710
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 863
නව රෝගීන් සංඛ්‍යාව - 27
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 66
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 836
මරණ සංඛ්‍යාව - 11