රොටරි සහ සිංහ සමාජ ගැන දැක්වූ අදහස් වලට ඇමති මංගල සමරවීර කණගාටුව ප්‍රකාශ කරයි

Share Button

බන්ධනාගාරගතව සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන රැඳවියන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් රොටරි සමාජය හා සිංහ සමාජය පිලිබඳව තමා දැක්වූ අදහස් වලට කණගාටුව පළ කරන බව ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කලේය. අමාත්‍යවරයා ඒ පිලිබඳව සඳහන් කලේ නිවේදනයක් නිකුත් කරමිනි. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තමා විරුද්ධ වන බව ද එහි සඳහන්ව ඇත.

සමාජ සුභ සාධන හා ආගමික සංවිධාන වල ඉහල නිල තල දරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලෙන පුද්ගලයන් එම සංවිධාන වලට මුවා වී වැදගත් ලෙස පෙනී සිටින බව තමා පසුගිය දා ප්‍රකාශ කල බවත් , එහිදී රොටරි සහ සිංහ සමාජ පිලිබඳ පල කර අදහස් සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව අමාත්‍යවරයා සඳහන් කරයි. වැදගත් සමාජයීය මෙහෙවරක් ඉටුකරන එවැනි සංවිධාන වලට තමාගේ ප්‍රකාශයෙන් සිත් රිදවීමක් ඇති වූයේ නම් ඒ පිලිබඳ සමාව ඉල්ලා සිටින බව අමාත්‍යවරයා නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *