ඉතාලියේ කොරෝනා මරණ 5476 ක් දක්වා ඉහළට

Share Button

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ ජිවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 5476 ක් දක්වා ඉහළ යයි. ඊයේ දිනයේදි පමණක් මරණ 651 ක් වාර්තා වී තිබෙ. ස්පාඤ්ඤයෙන් ඊයේ දිනයේදි මරණ 375 ක් වාර්තා වූ අතර. අමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 112 කි. ඉරානයෙන් ඊයේ දිනයේදි පමණක් මරණ 129 ක් වාර්තා වී තිබෙ. ඊයේ දිනයේදී ප්‍රංශයෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 112 කි. මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ලොව පුරා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව දාහතර දහස් හයසිය එකොළහකි. වෛරසය ආසාදනය වූ රෝගින් සංඛ්‍යාව තුන්ලක්ෂ තිස්පන්දහස් හාරසිය තුනක් දක්වා ඉහළ ගොස් තිබෙ.් ඉන් අනූහත්දහස් හයසිය තිස්හයක් සුවය ලබා ඇත. දකුණු ආසියානු කලාපයේ වැඩිම රෝගින් සංඛ්‍යාවක් පකිස්තානය සහ ඉන්දියාවෙන් වාර්තා වී තිබෙ.් ලොව පුරා පවතින මෙම තත්ත්වය පාලනය කිරිම සදහා සියලු පාර්ශ්වයන් එක්ව කටයුතු කිරිමේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. තරුණ ප්‍රජාව අතරද වෛසරය පැතිර යාමේ අවදානමක් මත.ව ඇති බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි. මේ අතර පවතින තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම නගර දෙකක් වන සිඩ්නි සහ මෙල්බර්න් යන නගර වසා දැමිමට ද එරට බලධාරිහු තීරණය කළහ. රටවල් රැසක් ඇදිරි නිතිය පනවමින් වෛරසය ව්‍යාප්තිය පාලනය සදහා කටයුතු කරමින් සිටි. ඉන්දියාවේ ද ඇදිරි නිතිය පැනවිමට එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කටයුතු කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5