අද සිට වෙළෙඳපලේ බිත්තර මිල පහතට

Share Button

නිරෝධායන මධ්‍යස්ථානවල ආහාර සකස් කිරීම සදහා අවශ්‍ය බිත්තර ප්‍රමාණවත් තරම් සැපයීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ඉදිරිපත් වෙයි. අගමැති මහින්ද රාජපක්ෂ එම සංගමයෙන් කළ ඉල්ලීමකට අනුව එම තීරණය ගෙන තිබේ. ඒ අනුව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය යුද හමුදා සැපයිම් අංශයට බිත්තර 50 දහසක් පරිත්‍යාග කිරීම අරලියගහ මන්දිරියේදි අද පෙරවරුවේ සිදුවිය. වත්මන් තත්ත්වය සලකා බලා බිත්තර මිල අඩු කරන්නැයි ද අගමැතිවරයා සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයෙන් ඉල්ලීමක් කර තිබේ. ඒ අනුව ජනතාවගේ පහසුව උදෙසා බිත්තර මිල පහත දැමිමටතීරණය කර ඇතැයි සංගමයේ සභාපති ආර්. එම්. සරත් රත්නායක මහතා එහිදී පැවසීය. අද සිට වෙළෙඳපලේ බිත්තරයක මිල රුපියල් 10 ක් වනු ඇත. සතොස සමුපකාර ආදි ආයතනවලින් එම මිලට බිත්තර මිලදී ගත හැකිය. දැනටමත් ලොරි 450 ක් මගින් දිවයිනපුරා බිත්තර බෙද හැරේ. වැඩි මිලට බිත්තර විකුණන ව්‍යාපාරිකයන් පිළිබඳව 037-22 93 300 දුරකථන අංකයට දැනුම් දෙන්නැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5