කොරෝනා වෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සදහා ජගත් සංවිධානයෙන් අරමුදලක්

Share Button

ලොවපුරා කොරෝනා වෛරස ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට ආධාර කිරීම සදහා එක්සත් ජාතින්ගේ සංවිධානය අරමුදලක් පිහිටුවයි. විවිධ ආධාරදෙන පාර්ශවවල දායකත්වයෙන් පිහිටුවන එම අරමුදල මගින් කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම හා දීර්ඝ කාලීන විපාක අවමකර ගැනීමට සංවර්ධනය වන රටවලට ආධාර සපයන බව නෝර්වේ විදේශ ඇමති එරික්සෙන්ට් ෂුරෙඩ් මහතා පවසයි. වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා ජර්මනිය දෙදෙනෙකුට වැඩි පිරිසකට එකට හමුවීම තහනම් කර තිබේ. එම දෙදෙනා ද දුරස්ථව හමුවිය යුතුය. වෛරසය පැතිරයාම මැඩලීමට ඇති හොඳම ක්‍රමය උපදෙස් පිළිපැදීම බව ජර්මන් චාන්සලර් ඇන්ජලා මාකෙල් මහත්මිය කියයි. ජර්මනියේ රුපලාවන්‍යාගාර සහ වෙනත් අත්‍යවශ්‍ය නොවන ස්ථාන සියල්ල මේ වනවිට වසා දමා තිබේ. කොරෝනා වෛරසය පැතිරයාම හමුවේ ගතයුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබේ. බ්‍රිතාන්‍යයෙන් මේ වනවිට වාර්තාවී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 5683 කි. මරණ 281 ක් වාර්තාවී තිබේ. ඇමෙරිකාවේ 31 දහසකට වැඩි පිරිසකට මේ වනවිට වෛරසය ආසාදනයවී තිබේ. වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 390 කි. කොරෝනා වෛරසය පැතිරයන කේන්ද්‍රස්ථානයක් වන නිවියෝර්ක් හි ප්‍රධාන වෛද්‍ය සැපයුම්වල හිගයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එහි නගරාධිපතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5