කොරෝනා ආසාදිත පලමු ශ්‍රි ලාංකිකයා සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share Button

කොරෝනා වෛරසය ආසාදනය වු පලමු ශ්‍රි ලාංකිකයා සම්පුර්ණ සුවය ලබා මුල්ලේරියාව අයිඩිඑච් රෝහලෙන් පිටව යයි. ඉතාලි ජාතිකයන් සදහා සංචාරක මග පෙන්වන්නෙකු ලෙස කටයුතු කල ඔහු කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බව හදුනාගැනිීමෙන් පසුව අයිඩිඑච් රෝහලට ඇතුලත් කෙරිණි. සෞඛ්‍ය අංශවල මනා කැපවීම හා දක්ෂතාව හේතුවෙන් මෙම තැනැත්තා සම්පර්ණයෙන්ම සුවය ලබා අද සිය නිවෙස බලා පිටත්ව ගිය බව අද පැවැති සාකච්ඡාවකදි ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

ඉතාලිය දකුණු කොරියාව වැනි කොරෝනා වෛරසය දරුණු අන්දමින් පැතිර ගිය රටවල සිට පැමිණි නිරෝධායනයට ලක්කර සිටි පලමු කණ්ඩායම හෙට මුදා හරින බව යුදහමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා එහිදි පැවසීය.

හෙට දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරිමෙන් පසුව තම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනිමට පැමිණෙන අදාළ දිස්ත්‍රික්ක අටේ ජනතාව සෞඛ්‍ය උපදෙස් පිලිපැදිම අනිවාර්ය බවද හමුදාපතිවරයා කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *