සිංගප්පුරුවත් සමග අත්සන් කළ ගිවිසුමෙන් ඩොලර් බිලියන 16කට වැඩි සෘජු ආයෝජන සඳහා යෝජනා – ගිවිසුම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අසත්‍ය ප්‍රචාරය කරන බව ඇමති මලික් සමරවික්‍රම මහතා කියා සිටි

Share Button

ශ්‍රි ලංකාව සහ සිංගප්පුරුව අතර අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම හොර ගිවිසුමක් නොවන බව අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා අද පාර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදි පැවසිය. එම ගිවිසුමට ඉකුත් ජනවාරි 16 වැනිදා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. ගිවිසුම සම්බන්ධයෙන් විපක්ෂය අසත්‍ය චෝදනා එල්ල කරන බව ඔහු කියා සිටියේය. මෙම ගිවිසුමට එළඹීම නිසා පසුගිය මාස දෙකහාමාර තුලදී පමණක් ඩොලර් බිලියන 16 කට වැඩි සෘජු ආයෝජන වෙනුවෙන් සිංගප්පුරු සමාගම්වලින් යෝජනා ලැබි ඇතැයි ද ඔහු කිවේය. මෙම වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමෙන් වලකින්නැයි ඔහු සියලු පාර්ශව වලින් ඉල්ලිමක් කලේය දේශපාලන වාසි තකා මෙය භාවිතා නොකල යුතුය. තරුණ පරපුර ගැන සිතා කටයුතු කරන්නැයි ඇමතිවරයා කීවේය.

විවාදයට එක්වු විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පැවසුවේ ප්‍රතිපත්ති මත රට පාලනය නොකිරීම රට ආපස්සට ගමන් කිරීමට හේතුවක් වු බවයි. රට සංවර්ධනය කරා රැගෙන යාමට මෙවැනි ගිවිසුම් අවශ්‍ය වන බව ඔහු කීවේය.
රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සඳහන් කලේ මෙම ගිවිසුම් මගින් රටේ ආර්ථිකයට හා වෙළඳාමට විශාල ශක්තියක ලැබෙන බවයි.

යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුනවර්ධන මහතා පැවසුවේ මෙම ගිවිසුම පාර්ලිමේන්තු නීතිරීතිවලට පටහැනි බවයි. එබැවින් එය අත්හිටුවන්නැයි ඔහු ඉල්ලා සිටියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *