මේ වනවිට කොරෝනා වෛරසය ලොව සෑම රටකටම පැතිර ගොස්

Share Button

කොරෝන වෛරසය ලෝකයේ සියඵ රටවල් ආක්‍රමණය කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මේ හේතුවෙන් රෝගයට ගොදුරුවූවන් සහ සැක සහිත පුද්ගලයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන පරික්ෂණ අඛණ්ඩව සහ විධිමත්ව සිදුකිරීමේ අවශ්‍යතාව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. මේ වන විට වෛරසය ආසාදිත මුඵ සංඛ්‍යාව සටහන් වන්නේ තුන් ලක්ෂ හැත්තෑ අට දහස් 392 ක් ලෙසිනි. මරණ 16 දහස් 490 ක් වාර්තා වේ. ආසාදිතයෝ එක් ලක්ෂ එක් දහස් 584 දෙනෙක් සුවය ලබා සිටිති. ගතවූ පැය 24 තුළදී පමණක් මරණ 1849 ක් වාර්තා වේ. ඉතාලියෙන් ගතවූ පැය 24 දී මරණ 601 ක් වාර්තා වේ. ඉතාලියට පසුව ගතවූ පැය 24 දී වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ස්පාඥ්ඥයෙනි. එම අගය 539 කි. මේ අතර බ්‍රිතාන්‍යය කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සදහා නව නිති හදුන්වා දී තිබේ. සියඵ ප්‍රසිද්ධ රැස්වීම් තහනම් කිරීමට වහාම ක්‍රියාත්මක වන පරිදි තීරණය කල බව බ්‍රිතාන්‍ය රජය කියයි.
මේ අතර ලෝක ආර්ථිකයේ නිශ්චල අවපාතය තවදුරටත් පවතී. ලෝකයේ ප්‍රමුඛ පෙලේ කොටස් වෙලදපොල රැසක් ඍන අගයේ පවතී. ඒවායේ ක්‍රියාකාරීත්වය අත්හිටුවා තිබීම විශේෂත්වයයි. ලෝක වෙලදපොලට සපයන තෙල් නිෂ්පාදනය අඩකට සීමා කිරීමට ඔපෙක් සංවිධානය තවදුරටත් තීරණය කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5