කොවිඩ් 19 පරාජය කිරීමට WHO සමඟ FIFA එක්වෙයි

Share Button

ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය පරාජය කිරීම සඳහා වන පණිවිඩය ලොව පුරා බෙදා හැරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ ලෝක පාපන්දු සංගමය වන FIFA එක්ව සිටියි.

මීට මාස හයකට පමණ පෙර පාපන්දු ක්‍රීඩාව හරහා සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ FIFA ගිවිසුම්ගතව ඇති නමුත් මෙවැනි සුන්දර ක්‍රීඩාවන් ඇතුළු බොහෝ දෑ ඇනහිටිය හැකි වෛරසයක් මතුවනු ඇති බවට විශ්වාස නොකළ බවයි WHO හි අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් ඇඩනොම් ගෙබ්‍රෙයිසස් මහතා අදහස් දක්වමින් පවසන්නේ.

බොහෝ පාපන්දු තරඟ නතර වී තිබෙන අතර මෙවැනි දුෂ්කර කාලවලදී එකනෙකාට දක්වන සහයෝගිතාව වැදගත් බවයි ඔහු දක්වන්නේ. ඒ අනුව සිතුවාටත් වඩා වැඩියෙන් එක්ව කටයුතු කිරීමට අවස්ථාව එළඹ ඇති බව FIFA හි සභාපති ගියානි ඉන්ෆැන්ටිනෝ තමන් ආසන්නේ තබා ගනිමින් ටෙඩ්රෝස් ඇඩනොම් ගෙබ්‍රෙයිසස් මහතා සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා වෛරසය පන්නා දැමීමේ මෙහෙයුමට අදාළ පණිවිඩය ප්‍රචලිත කිරීම සඳහා වන ඒකාබද්ධ මෙහෙයුම ගැන FIFA හි සභාපති ආදරණීය සහෝදර ගියානි ඉන්ෆැන්ටිනෝ සමඟ කතා කිරීමට ලැබීමම සතුටට කරුණක් බව WHO හි ප්‍රධානියා පවසයි.

මේ වන විටත් FIFA වෙතින් COVID-19 සහයෝගිතා අරමුදලට ඇමරිකානු ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන්ද ටෙඩ්රෝස් ඇඩනොම් ගෙබ්‍රෙයිසස් මහතා සිය ස්තූතිය පළකර තිබේ.

මේ වන විට එම අරමුදලට පුද්ගලයින් හා සංවිධාන වලින් ඇමරිකානු ඩොලර් මිලියන 70ක අරමුදල් රැස් වී ඇති බවද සඳහන්. මෙම අරමුදල හරහා කොවිඩ් 19 රෝගීන් වෙත ප්‍රතිකාර සිදුකරන සෞඛ්‍ය අංශ හා පර්යේෂණ අංශ ඇතුළු මෙම වෛරසය පරාජය කිරීම සඳහා ඉදිරි පෙළ කටයුතු කරමින් හිඳින තැනැත්තන්ට සහය දැක්වීමට පිහිටුවා ඇත.

ටික් ටෝක් සමාගමද ඇමරිකානු ඩොලර් මිලියන 10ක් ලබා දීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය සිය කෘතඥතාවය ඔවුන්ට ප්‍රකාශ කර ඇත.

මේ අතර දින හතරක් වැනි කෙටි කාලයක් තුළ අලුතෙන් හඳුන්වා දුන් වට්ස්ඇප් හරහා ජනතාව දැනුවත් කිරීමේ පණිවිඩ හුවමාරුවක් ආරම්භ කළ අතර එය මිලියන 10ක් පමණ ජනතාවගේ අකර්ශනයද දිනා ගෙන තිබේ. ඊට මුල් වී තිබෙන්නේද ලෝක සෞඛ්‍ය සංවිධානයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5