ඇදිරි නිතිය ක‍්‍රියාත්මක කාලයේදී සියඵ ඔසුසැල් විවෘතව තැබීමට උපදෙස්

Share Button

ඇදිරි නිතිය ක‍්‍රියාත්මක කාලයේදී දිවයිනේ සියඵ ඔසුසැල් විවෘතව තැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය කියයි. රෝග විනිශ්චය තුණ්ඩුව සහ ඖෂධ වට්ටෝරුව ඇදිරි නිති අවසර පත‍්‍රයක් ලෙස සැලකේ. ඔසුසැල්වල සේවකයින්ට සහ ඖෂධ ප‍්‍රවාහන රථවාහන සදහා අවසර ලබා දීමට පොලිසිය පියවර ගෙන ඇත. මේ අතර ඇදිරි නිතිය බලපැවැත්වෙන කාලයේදී සියඵ කෘෂිකාර්මික කටයුතු අඛණ්ඩව සිදු කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය ලැබේ. සත්ත්ව පාලන වැඩසටහන්ද ක‍්‍රියාත්මක වේ. මහවැලි කෘෂිකර්ම වාරිමාර්ග සහ ග‍්‍රාමිය සංවර්ධන අමාත්‍යාංශය ඊට අදාල කටයුතු සම්පාදනය කරයි. ඇදිරි නිතිය ක‍්‍රියාත්මක කාලයේදී ධීවර කර්මානයේ නිරත පුද්ගලයින්ටද අදාල කටයුතු සදහා අවසර ලැබී ඇත. ඊයේ දිනයේදී කොළඹ මැනිං ඇතුඵ වෙලදසැල් ආශ‍්‍රිතව ආහාර සහ එලවඵ තොග විශාල වශයෙන් ගොඩ ගැසීමත් ඒවා මිලදී ගැනීමට ගැනුම් කරුවන් නොවීමත් නිසා ගැටඵ මතුවිය. එම ආහාර තොග රජය විසින් මිලදී ගැනීමට තිරණය කිරීමත් සමග අදාල ගැටඵව නිරාකරණය විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5