අද සිට අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ නිවෙසටම

Share Button

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකන විට කොළඹ. ගම්පහ සහ කඵ.තර දිස්ත‍්‍රික්ක අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි. එම දිස්ත‍්‍රික්ක තුනේ ක‍්‍රියාත්මක වූ ඇදිරි නිතිය ඊයේ පෙරවරුවේ ලිහිල් කළ අවස්ථාවේ භාණ්ඩ මිලදි ගැනිමට ජනතාව වෙළෙඳසල් අසල විශාල වශයෙන් රැස්ව සිටිම කොරෝනා වෛරසයේ පාලනයට බරපතල බාධාවක් වූ බව සෞඛ්‍ය බලධාරිහු පවසති. එම නිසා ඉදිරි කාලයේදි අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවෙස් වලටම ගෙනගොස් අලෙවි කරන්නැයි තොග වෙළෙඳ ආයතන වලට රජය උපදෙස් දී තිබෙ. සතොස කීල්ස්. ලාෆ්ස්. ආර්පිකෝ. ෆුඩ සිටි අරලිය. නිපුන සහ සෙසු වෙළෙඳ සමාගම් මෙම කාර්යයට හවුල් කර ගැනේ. අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩ නිවෙස් වලටම ගෙන ගොස් අලෙවි කිරිමේ වැඩපිළිවෙල කාර්යක්ෂ්මව ඉටු කිරිම සදහා බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙ. අමාත්‍යංශ ලේකම්වරු. දිසා ලේකම්වරු. ප‍්‍රාදේශිය ලේකම්වරු හා අදාල වෙනත් නිලධාරිහු එහි සෙසු සාමාජිකයෝ වෙති. අවදානම් කලාප ලෙස හදුනාගෙන ඇති දිස්ත‍්‍රික්ක වල ඇදිරි නිතිය නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි. ආහාර ද‍්‍රව්‍ය ඇතුඵ. අත්‍යවශ්‍ය පාරිභෝගික භාන්ඩි ඖෂධි ගෑස් සහ සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදිමේ සැලැස්ම අද සිට ක‍්‍රියාත්මකයි. ලොරි. වෑන් රථ. ත‍්‍රිරෝද රථි යතුරුපැදි ඇතුඵ. භාණ්ඩ බෙදා හැරීමට උපයෝගි කර ගන්නා සියලු වාහන වලට ඇදිරි නිතිය බල පවත්වන කාලසිමාව තුළ මාර්ගවල ගමන් කිරිමට අවසර ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5