වෛරසය ආසාදනයවු තවත් ශ‍්‍රී ලාංකිකයෙක් සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව යයි

Share Button

මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත රෝගින් සංඛ්‍යාව 102 කි. රෝගය ආසාදනයවී සුවය ලැබු තෙවන රෝගියා ද සුවය ලබා අයි ඩී එච
රෝහලෙන් අද පිටත්ව ගොස් තිබේ. ඔහු ශ‍්‍රී ලාංකිකයෙකි. ඒ අනුව ශ‍්‍රී ලාංකිකයෝ දෙදෙනෙක් සුවය ලබා අයි ඩී එච රෝහලෙන් පිටව
ගොස් ඇත. රෝගයා ආසාදනයවී සුවය ලැබු පලමු රෝගියා චීන ජාතික කාන්තාවකි. මේ වනවිට කොරෝනා වෛරසය
ආසාදිතයෝ 99 දෙනෙක් රෝහල් තුනක ප‍්‍රතිකාර ලබති. මේ වනවිට වෛරසය බවට සැකපිට පුද්ගලයෝ 229 දෙනෙක්
රෝහල් 19 ක ප‍්‍රතිකාර ලබති. මේ අතර කොරෝනා රෝගය වැළදී ඉතාලියේ ශ‍්‍රී ලාංකිකයෙකු මිය ගොස් ඇතැයි වාර්තා වෙයි. ඔහු 70
හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙකි. මේ දක්වා ඉතාලියේ රෝහල්වලින් එම පුද්ගලයා පිළිබඳ නිල නිවේදනයක් නිකුත්කර නොමැත.
ඉතාලියේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් 08 දෙනෙකුට වෛරසය ආසාදනයවී ඇති බවට තොරතුරු ලැබි ඇත. එය රෝමයේ ශ‍්‍රී ලංකා තානාපති
කාර්යාලය නිල වශයෙන් දැනුම්දී ඇත. ශ‍්‍රී ලාංකිකයෝ 590 කට ආසන්න සංඛ්‍යාවක් ඉතාලියේ ස්වයං නිරෝධායනයට ලක්ව සිටිති. මේ
අතර” රජය පවසන්නේ නිරෝධායනය අවසන් කළ කිසිදු පුද්ගලයෙකු අවසරයකින් තොරව නිවසින් බැහැරවිය නොහැකි බවයි. නවතම
විදෙස් වාර්තාවකට අනුව කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ වැඩිම බලපෑම පවතින්නේ පිරිමි පුද්ගලයින්ට බව වාර්තා වෙයි. ඉතාලිය සිදුකළ
සමික්ෂණයකදී මෙය තහවුරුවී ඇත. ඊට හේතුව පිරිමි පාර්ශ්වය මත්පැන් පානය සහ දුම්පානයට යොමුවීමයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5