කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව හාරලක්ෂය ඉක්මවයි

Share Button

මේ වනවිට ලෝකයේ රටවල් 197 කටමස කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇත. පුද්ගලයෝ හාරලක්ෂ 22 දහස් 959 දෙනෙක් වෛරසය
ආසාදිතයෝ වෙති. මුඵ. මරණ සංඛ්‍යාව 18 දහස් 907 කි. වැඩිම මරණ සංඛ්‍යාවක් මේ වනවිට වාර්තාවී ඇත්තේ ඉතාලියෙනි.
ඉතාලියේ මුඵ. මරණ සංඛ්‍යාව 6820 ක් ලෙස වාර්තා වෙයි. චීනයේ මුඵ. මරණ සංඛ්‍යාව 3281 කි. ගතවු පැය 24 තුළ චීනයෙන් මරණ 04
ක් වාර්තා විය. යලිත්වරක් චීනය තුළ වෛරසය ව්‍යාප්තවිමේ අවදානමක් පවති. ස්පාඤ්ඤයේ පුද්ගලයෝ 2991 දෙනෙක් වෛරසය වැළදී
ජිවිතක්ෂයට පත්වුහ. ප‍්‍රංශයෙන් ද මරණ 1100 ක් වාර්තා වෙයි.

ඉන්දියාව දින 21 කට බාහිර ලෝකයට වසා තැබිමත් සමග. එරට ජනතාව කලබලකාරි ලෙස හැසිරෙමින් දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට
කටයුතු කරන බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත පවසයි. මේ හේතුවෙන් පොලිසියේ සහ ආරක්ෂක අංශවල කණ්ඩායම් යොදවා ජනතාව
පාලනයට කටයුතු කර ඇත. නවදිල්ලි නුවර ජනාකීර්ණ ස්ථානවල රැස්වී ජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ ඒකරාශි කරමින් සිටිති.

ඇමෙරිකාවේ නිවියෝර්ක් නුවර කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව සීඝ‍්‍රයෙන් ඉහල ගොස් ඇතැයි නිවියෝර්ක් නගරාධිපතිවරයා පවසයි.
එරට කැනීම් කටයුතුවල නිරත සියලු සේවකයින්ට තාවකාලිකව සේවා අත්හිටුවීමට නියෝග නිකුත්කර තිබේ. මේ වනවිට
ඇමෙරිකාවෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 782 කි. ඇමෙරිකාවෝ පුද්ගලයින් 54 දහස් 881 කට වෛරසය ආසාදනයවී ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5