ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට ඇතිවන සමාජීය ගැටඵ වීසදා ගැනීමට පොලිසිීයේ සහාය

Share Button

ඇදිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ මහජනතාවට ඇතිවන සමාජීය ගැටඵ විසදීම සදහා අවශ්‍ය සහාය ලබාදීමට පොලිසිය ඉදිරිපත් වෙයි  ඒ අනුව රෝගී තත්ත්වයන් විදුලිය හා ජල සැපයුම් බිදවැටීම් ඖෂධ අවශ්‍යතා සහ සහාය ලබාගතයුතු වෙනත් සමාජ අවශ්‍යතා සම්බන්ධයෙන් දැනුම්දීමට පොලිසිය විශේෂ දුරකථන අංක කිහිපයක් හදුන්වා දී තිබේ  119  0112 44 44 80 සහ 2 44 44 81 එම දුරකථන අංක වෙයි

විදේශගතව සිට මෙරටට පැමිණ නිරෝධායනය සදහා තොරතුරු ඉදිරිපත් නොකළ තැනැත්තන් නිරෝධායනයට ලක් කිරීම සදහා පොලිසිය ජනතා සහාය පතයි කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සදහා රජය පිහිටුවා ඇති විශේෂිත නිරෝධාන මධ්‍යස්ථාන තුළ හෝ නිවෙස් තුළ ස්වයං නිරෝධායනයට ලක් නොවුවන් රැසක් දිවයිනේ විවිධ ප්‍රදේශවල තවදුරටත් සිටින බව අනාවරණ වී තිබේ  ඔවුන් පිළිබඳවද අදාළ දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටී

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5