කොරෝනා තර්ජනය හමුවේ ණය ගෙවීමට සහන කාලයක් දෙන්නැයි ජනාධිපතිතුමා ලෝක මුල්‍ය ආයතනවලින් ඉල්ලයි

Share Button

කොරෝනා වෛරසයේ තර්ජනයට ගොදුරුවීමේ වැඩි අවදානමක් ඇති දියුණු වෙමින් පවතින රටවල් අන්තර්ජාතික මුල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති ණය ආපසු ගෙවීම සදහා සහන කාලයක් හෝ ණය කල්දැමීමේ පහසුකම් ලබාදෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඉල්ලීමක් කරයි  බහුපාර්ශවීය හා ද්විපාර්ශවීය ආධාර නියෝජිතායතනවලට එම ඉල්ලීම ඉදිරිපත් කරන්නැයි ජනාධිපතිතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලිමක් කර තිබේ  සංවර්ධනය වෙමින් පවතින රටවලට කොරෝනා වෛරස සමාජ දුරස්ථතා මහජන සෞඛ්‍ය හා සමාජ සංරක්‍ෂණ පද්ධති කළමනාකරන සදහා එම සහනය උපකාරී වනු ඇතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වු 102 දෙදෙනෙකු පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි  වෛරසය ආසාදනය වු බවට සැකකෙරෙන 255 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති  විදේශයන්හි හි සිට පැමිණි 1600 දෙනෙකු පිළීබඳව පසුවිපරම් සිදුකෙරේ  ඇදිරි නීතිය ඉවත් කළ අවස්ථාවලදී සමාජ දුරස්ථතාව පවත්වාගැනීමේ අවශ්‍යතාවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂජනරාල්වරයා පෙන්වා දෙයි

ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල සිටි 144 දෙනෙකු මේ වනවිට සිය නිවෙස්වලට යවා ඇතැයි හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියයි  ගෙවී ගිය දින 14 තුළ නිරෝධායනයට ලක් කෙරුණු තවත් 163 දෙනෙකු හෙට දිනයේ නිවෙස් වෙත පිටත්කර යැවිමට නියමිතයි  නිරෝධායන මධ්‍යස්ථාන 46 ක 3086 දෙනෙකු තවමත් නිරෝධායනයට ලක්වන බව ඔහු සදහන් කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5