අපි අපිම නැගිටිමු

Share Button

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සමාජ ආර්ථීක ඇතුඵ විිවිධ ක්‍ෂේත‍්‍රවල බිදවැටීමක් සිදු නොවී සමස්ත සමාජයම ශක්තිමත්ව පවත්වාගෙන යාමේ අරමුණීන් “අපි අපිම නැගිටිමු” සංකල්පය ප‍්‍රවර්ධනය කිරීමට ජාතික ගුවන්විදුලිය කි‍්‍රයාකරයි.

ඒ යටතේ දේශීය කෘෂිකර්මාන්ත, වාණිජ හා ව්‍යවසායකත්වය ඇතුඵ බහුවිධ ක්‍ෂේත‍්‍රවල පුනර්ජීවනයක් ඇති කිරීම අරමුණයි.

කොරෝනා වෛරසය හේතුවෙන් ලොවපුරා සමාජ ආර්ථික ඇතුඵ විවිධ ක්‍ෂේත‍්‍රවල පසුගාමී තත්ත්වයක් ඇතිවී තිබේ.

ශී‍්‍ර ලංකාවේ එවැනි තත්ත්වයක් ඇති නොවී කොරෝනා අර්බුදයට අභියෝගාත්මකව මුහුණදීමට ගොවි ජනතාව, කර්මාන්තකරුවන්, ව්‍යවසායකයන් ඇතුඵ සමස්ත ජනතාව බලගැන්වීම “අපි අපිම නැගිටිමු” වැඩසටහනේ මුලික අරමුණයි.

ශී‍්‍ර ලාංකීය ජනතාවගේ පාරිභෝගික අවශ්‍යතා සපුරාලීමට ගොවිජනතාවගේ දායකත්වය පිළීබඳව ජාතික ගුවන් විදුලියේ සුභාරතී වැඩසටහනින් හෙට සාකච්ජා කෙරේ.

සිංහල ස්වදේශීය සේවය ඇතුඵ සියඵ ප‍්‍රාදේශීය සේවාවල සහභාගීත්වයෙන් පෙරවරු 7.00 සිට 8.00 දක්වා සුභාරතී වැඩසටහන ප‍්‍රචාරය කෙරේ.

“අපි අපිම නැගිටිමු” වැඩසටහන ජාතික ගුවන්විදුලියේ සංගීතවේදී ජගත් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකි.

 

 

සිංහල ස්වදේශීය සේවය    – FM 91.7 / 91.9 MHz

වයඹ රේඩියෝ                   – FM 90.1 MHz
කඳුරට FM                        – FM 107.3 / 107.5 / 90.1 MHz
රුහුණු සේවය                    – FM 107.3 / 107.5 MHz
රජරට සේවය                     – FM107.3 MHz
දඹාන රේඩියෝ                  – FM 97.6 MHz
යාපනය රේඩියෝ               – FM 90.1 / 102.1 MHz
පිරෙයි FM                         – FM 102.3 MHz

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5