ලොවපුරා කොරෝනා වෛරසය ආසාදනයවු පුද්ගලයින් සංඛ්‍යාව හාරලක්ෂ 66 දහස දක්වා ඉහලට

Share Button

කොරෝනා වෛරසය ආසාදනයවීම හේතුවෙන් ලොවපුරා ජිවිතක්ෂයට පත්වු පුද්ගලයින් සංඛ්‍යාව 21 දහස් 148 ක් දක්වා ඉහල ගොස් තිබේ  වාර්තාවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 66 දහස් 752 කි  වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තාවී තිබේ  එම සංඛ්‍යාව 7503 කි  ඊයේ දිනයේදී පමණක් මරණ 683 ක් වාර්තාවී තිබේ  ස්පාඤ්ඤයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 3647 කි  ඊයේ දිනයේදී මරණ 656 ක් වාර්තාවී ඇත  චීනයෙන් මරණ 3281 ක් වාර්තාවී ඇති අතර ඉරානයෙන් වාර්තාවී ඇති මරණ සංඛ්‍යාව 2077 කි  ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තාවීි ඇති මරණ සංඛ්‍යාව 913 ක් වන අතර ඊයේ දිනයේදී පමණක් මරණ 133 ක් වාර්තාවී තිබේ  දකුණු ආසියානු කලාපයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් පකිස්ථානය සහ ඉන්දියාවෙන් වාර්තාවී තිබේ  පවතින තත්ත්වය හමුවේ ඉන්දියාව ලෝකයට විවෘත නොකිරීමට එරට අග්‍රාමාත්‍ය නිරේන්ද්‍ර මෝදි මහතා පසුගියදා කටයුතු කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-13 | 08:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,617
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 625
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 99
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,981
මරණ සංඛ්‍යාව - 11