උතුරු පළාතට සහ පුත්තලම දිස්ත්‍රික්කයට පනවා ඇති ඇදිරිනීතිය හෙට පෙරවරු 6 00 ට තාවකාලිකව ඉවත් කෙරේ

Share Button

කොළඹ   ගම්පහ සහ කඵතර දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි  පුත්තලම  වව්නියාව  මන්නාරම  කිලිනොච්චිය  මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවල ඇදිරි නිතිය ලබන සිකුරාදා පෙරවරු 6 00 ට ඉවත් කෙරෙන අතර එදින මධ්‍යහ්න 12 00 ට යළීත් ක්‍රියාත්මක කෙරේ සෙසු දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය අද පෙරවරු 6 00 ට ඉවත් කෙරින  මධ්‍යහ්න 12 00 සිට එම ප්‍රදේශවලට ඇදිරිනීතිය යළි ක්‍රියාත්මක කරන බව එම නිවේදනයේ සදහන් වෙයි  ඇදිරිනීතිය ඉවත් කරන කාලසීමාව තුළ සංයමයෙන් කටයුතු කරන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටි

දිවයිනේ සියඵ දිස්ත්‍රික්ක අතර ගමනාගමනය මුඵමනින්ම තහනම් කර තිබේ  විදේශීය සංචාරකයන් තැනින් තැන ගෙනයාමද තහනම්ය  ඇදිරි නිීතිය බලපැවැත්වෙන කාලය තුළ ඕනෑම දිස්ත්‍රික්කයක ගොවිතැන් කටයුතුවලට සහ කුඩා තේවතු සහ අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන්නන්ට එම කටයුතු සදහා අවසර පවතී  මාධ්‍යසේවා සදහා මෙන්ම සහල් ඇතුඵ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා එලවඵ ප්‍රවාහනයටද අවසර දී තිබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Apr-06 | 04:04

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 176
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 138
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 259
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 33
මරණ සංඛ්‍යාව - 5