රට පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය නිසි ලෙස පිළිපදින්නැයි රජය ජනතාවට දැනුම් දෙයි

Share Button

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවසටම බෙදා හැරීම සදහා දිවයිනේ සුපිරි වෙලෙදසල්වලට අවසර දී තිබියදී එම වෙලෙදසල් විවෘත කර පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවි කරන බවට තොරතුරු ලැබී තිබීම හේතුවෙන් එම වෙලෙදසල් වසා දමන්නැයි පොලිස්පතිවරයා සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී තිබේ  නැවත දැනුම් දෙන තුරු රජයේ ඔසුසල් හැර සියලු ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දමන්නැයි ද පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට උපදෙස් දී ඇත  ආහාර ද්‍රව්‍ය හා ඖෂධ නිවෙස්වලට බෙදා හැරීමට පමණක් අවසර පවතී  එම නිසා සෑම පොලිස් බල ප්‍රදේශයකම කිසිදු හේතුවක් නිසා මහාමාර්ගවල හෝ   අතුරු මාර්ගවල ජනතාවට රැඳී සිටීමට ඉඩ නොදිය යුතු බවත් පොලිස් ඇඳිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයා පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර තිබෙ  සියලු ජනතාව නිවෙස්වලම රැඳී සිටිය යුතුය
මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ ඖෂධ හල් වෙත ජනතාව පැමිණීම සීමා කිරීමට පෞද්ගලික ඖෂධහල් මගින් ඖෂධ නිවසටම ගෙනැවිත් දීමේ ක්‍රමයක් රජය හදුන්වා දී ඇති බවයි  ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය දිවයින පුරා ඖෂධහල් හඳුනාගෙන ඇති අතර ඒවායේ නාම ලේඛනය සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය  අඅඅගයැ්කඑයගටදඩගකන ඒ සදහා වන ලිපිනයයි තෝරාගත් ඖෂධහල්වල ලිපිනය   දුරකතන අංකය හා ඖෂධවේදියාගේ නම එමගින් දැනගත හැකිය  ඖෂධ සඳහා අය කරන මුදලට සාධාරණ ප්‍රවාහන ගාස්තුවක් ද එක් කෙරේ  ඖෂධ සදහා ගෙවීම අන්තර්ජාලය ඔස්සේ ද සිදු කළ හැකිය ඖෂධ මිලදී ගැනීමට අවශ්‍ය නම් පළමු පියවර ලෙස සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු මෑතක දී නිර්දේශ කළ බෙහෙත් වට්ටෝරුවක ඡායාරූපයක් ගෙන එය වට්ස්ඇප්ව  යිබර් හෝ ඉමෝ මගින් තෝරා ගත් ඖෂධ අලෙවිසලට යොමු කළ යුතුය  ඖෂධ අලෙවිසල පැය 24 ක් තුල එම ඖෂධය නිවසටම ගෙනැවිත් දෙනු ඇත  ඖෂධ ලබා ගැනීමේ උපදෙස් හා ඖෂධවේදියාගේ දුරකතන අංකය ඖෂධ පැකට්ටුවේ සදහන් වෙයි යම් ගැටඵවක් මතුවුවහොත් ඔහු ඇමතිය හැකිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *