රජයේ සායනික රෝගීන්ට හෙට සිට නිවසටම ඖෂධ

Share Button

අත්‍යවශ්‍ය සේවාවන් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකායේ රැුස්වීමක්, එහි ප‍්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (2020.03.28) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

එහිදී ඖෂධ බෙදා හැරීම සඳහා ක‍්‍රමවත් වැඩපිළිවෙලක් සැකසීම සම්බන්ධයෙන් සාකච්ඡුා විණි.

මෙම සාකච්ඡුාව සඳහා සෞඛ්‍ය ඇමත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජයසිංහ, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, වැඩබලන පොලිස්පති සි. ඞී. වික‍්‍රමරත්න, තැපැල්පති රංජිත් ආරියරත්න, ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ශී‍්‍ර ලංකා ඖෂධ වෙළෙදුන්ගේ සංගමයේ සභාපති කපිල ද සොයිසා, මධ්‍යම තැපැල් හුවමාරුවේ අධීකාරි ඒ. එච්. එම්. අස්ලාම් යන මහත්ම මහත්මින් සහභාගි වූහ.

වත්මන් තත්ත්වය යටතේ රටතුළ ඖෂධ බෙදා හැරීම පිළිබඳව මෙහිදී පහත සඳහන් තීරණ ගනු ලැබිණි.

01. රජයේ රෝහල්වල සායනිකව ලියාපදිංචි වී ඇති රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ බෙදා හැරීම සඳහා මධ්‍යම තැපැල් හුවමාරුව භාවිතා කිරීම.

02. රට තුළ ඇති පෞද්ගලික ඖෂධ හල් හරහා ඇනවුම් කර ඖෂධ ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් ඇරඹීම (මේ සඳහා ලියාපදිංචි පෞද්ගලික ඖෂධ හල් ලයිස්තුව මෙයට එක්කර ඇත.

03. රාජ්‍ය ඔසුසල හා තැපැල් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විශේෂ වැඩසටහනක් මඟින් ඖෂධ ලබා දීම.

04. පිළිකා රෝගීන් වැනි විශේෂ ඖෂධ අවශ්‍ය රෝගීන්ට සායනික කටයුතු හා ඖෂධ ලබා දීම පෙර පරිදිම සිදුකිරීම.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jun-01 | 08:06

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 1,633
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 821
නව රෝගීන් සංඛ්‍යාව - 0
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 74
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 801
මරණ සංඛ්‍යාව - 11