විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝගය මත මධ්‍යම පරිසර අධිකාරිය අත්‍යවශ්‍ය සේවා සඳහා යොමු කිරීම

Share Button

2020 මාර්තු 26 වන දින අතිගරු ජනාධිපතිතුමා විසින් ප‍්‍රකාශයට පත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනයට අනුව පත් කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝගය මත අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් සිදුකරන ලද ලිඛිත දැනුම්වත් කිරීම්වලට අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය සේවා වෙනුවෙන් මධ්‍යම පරිසර අධිකාරිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි අනුයුක්ත කර ඇත.

ඒ අනුව ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් ඉල්ලා ඇති පරිදි පහත සඳහන් රාජකාරී සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍ෂේත‍්‍ර නිලධාරීන් 2020.03.30 වන දින සිට අනුයක්ත කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර ඇත.

1. මහජනතාවට අත්‍යවශ්‍ය පානීය ජලය සපයන, දිවයින පුරා ස්ථාපිත කර ඇති සියලූ ජල පවිත‍්‍රාගාරවල කටයුතු අධීක්‍ෂණය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු ක්‍ෂේත‍්‍ර රාජකාරී කටයුතු සඳහා යෙදවිය හැකි නිලධාරීන්, දිවයිනේ සියලූ දිස්ති‍්‍රක්ක ආවරණයවන පරිදි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ඉල්ලීම සහ අවශ්‍යතාව මත රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත කිරීමට කටයුතු කර ඇත. දිවයින පුරා පවතින ජල පවිත‍්‍රාගාරවල සෞඛ්‍යාරක්‍ෂිත බව තහවුරු කිරීම මෙහි අරමුණ වේ.

2. කෙරෝනා වෛරසයෙන් ශී‍්‍ර ලංකාවට බලපා ඇති ව්‍යසනකාරී තත්වය පහව යන තුරු, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් කොරෝනා වෛරසය තුරන් කිරීමට කි‍්‍රයාත්මක කරනු ලබන වැඩසටහන් සඳහා දායකත්වය ලබා දීමට, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර නිලධාරීන් අදාළ ප‍්‍රාදේශීය ලේකම්වරයාගේ ඉල්ලීම සහ අවශ්‍යතාව පරිදි අනුයුක්ත කර ඇත. මේ අනුව මධ්‍යම පරිසර අධිකාරියේ සේවයේ නියුතු පරිසර නිලධාරීන් ඔවුනට ආසන්නතම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉල්ලීම සහ අවශ්‍යතාව මත සේවය ලබාදීම ස`දහා යොමුවනු ඇත.

එස්. අමරසිංහ
සභාපති
මධ්‍යම පරිසර අධිකාරිය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11