ඇදිරි නිතිය ඉවත් කලද අනුරාධපුරයේ නගර 3 ක් වසා දැමේ

Share Button

ඇදිරි නිතිය ඉවත් කලද අනුරාධපුරෙයේ ගලෙන්බිදුණූවැව කහටගස්දිගිලිය සහ හොරොව්පතාන නගරවල සියඵ වෙලදසැල් වසා තැබෙන බව පොලිසිය කියයි. හදුනාගත් අකුරුණ ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයා එම ප්‍රදේශවල සැරිසරා ඇති බවට තොරතුරු ලැබී තිබේ. මාරවිල නාත්තණ්ඩිය ගැමුණූ මාවත ඇතුඵ ප්‍රදේශ කිහිපයක නිවාස 14 ක් මුද්‍රා තැබීමට නාත්තණ්ඩිය සෞඛ්‍ය බලධාරීහූ ඊයේ පියවර ගත්හ. එම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයකු වාර්තා වීම ඊට හේතුවයි. එම පුද්ගලයාගේ බිරිදද උණ රෝග ලක්ෂණ හේතුවෙන් හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇත. සේවක සේවිකාවන් 350 ක් පමණ සේවය කල දඹුල්ල ප්‍රදේශයේ කර්මාන්තශාලාවකට ද ඊයේ සීල් තැබිණ. අකුරණ වෛරසය ආසාදනය වූ පුද්ගලයා හදුනාගැනීමෙන් පසු පොලිසිය මෙම තීරණය ගත්තේය. ඊට හේතුව එම කර්මාන්තශාලාවේ වැඩි පිරිසක් අකුරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් වීමයි. හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයකු කොරෝනා රෝග ආසාදිතයකු බවට හදුනා ගැනීමෙන් පසු ඔහුගේ දියණිය බෑනා සහ දරුවන් තිදෙනා නිවස තුළම නිරෝධායනයට ලක් කිරීමට හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පියවර ගත්තේය. මෙම වෛරස ආසාදිතයා ආසාදනය වීමට දින 15 කට පෙර බලංගොඩ ප්‍රදේශයේ සංචාරයකට ගොස් තිබූ බවද වාර්තා වේ. මෙම පුද්ගලයාගේ බිරිද ඇඹුල්දෙණිය ප්‍රදේශයේ නිවසක නිරෝධායනයට ලක් කෙරේ. බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචිකරුවකුට කොරෝනා ආසාදනය වීම නිසා බේරුවල පන්නිල ග්‍රාමය සම්පුර්ණයෙන් වසා දමා ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා කියයි. ඊයේ හමුවූ ආසාදිතයා සංචාරක ක්ෂේත්‍රයට සම්බන්ධ රියදුරෙකි. මොහු රෝගය පිලිබද වාර්තා වීමට පෙර ස්ථාන 20 ක පමරණ සැරිසරා ඇතැයි වාර්තා වේ. මේ වන විට බේරුවලින් ආසාදිතයෝ අට දෙනෙක් වාර්තා වෙති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *