ඇදිරි නීතිය ඉවත් කිරිමෙන් පසු වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි යුදහමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි

Share Button

අද දිනයේ ඇදිරි නීතිය ඉවත් කිරිමෙන් පසු වගකීමෙන් යුතුව කටයුතු කරන්නැයි යුදහමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දන්වා සිටී. සෞඛ්‍ය බලධාරින්ගේ උපදෙස්වලට අනුව ශරීර දුරස්ථභාවය තබාගත යුතුය. ඇදිරි නීතිය පනවා ඇත්තේ ජනතා ආරක්ෂාව සදහාම බව අවබෝධ කරගත යුතුවේ. අත්‍යවශ්‍ය කටයුතු සිදුකර ගැනීමට පමණක් මෙම කාලය භාවිත කරන්නැයි හෙතෙම ඉල්ලිමක් කරයි.
කොළඹ ගම්පහ කඵතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හැර සියලුම දිස්ත්‍රික්කවලට පැණවූ ඇදිරි නිතිය දැන් ඉවත් කර ඇත. එය පස්වරු 2.00 ට යලි පනවනු ලැබේ. කොළඹ ගම්පහ කඵතර පුත්තලම මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක වලට නැවත දැනුම්දෙනතුරු ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සදහා දිස්ත්‍රික්ක අතර ගමනා ගමනය සම්පුර්ණයෙන්ම තහනම් වේ.

මේ පිලිබදව අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ පොලිසිය නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. නිරෝධායන පනතට අනුව අපරාධ නීතිය යටතේ කටයුතු කල හැකිය. නිරෝධායනය වීම සදහා 1933 දුරකතන අංකය විවෘතයි.
ඒ අතර ඇදිරි නිීති බලපත්‍ර නිකුත් කෙරෙන්නේ අත්‍යවශ්‍ය සේවා සදහා පමණක් බව හෙතෙම පෙන්වා දෙයි. නිකුත් කෙරෙන බලපත්‍ර අප්‍රේල් 10 වැනිදා දක්වා වලංගු වෙයි. වෙනත් කිසිදු හේතුවක් සදහා බලපත්‍ර නිකුත් නොකෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *