සියලුම පාසල් දරුවන්ට පවිත්‍ර පානීය ජලය ලබා දීමට පියවර

Share Button

සියලුම පාසල් දරුවන්ට පවිත්‍ර කරන ලද පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ‘ ළඟම පාසල – හොඳම පාසල ‘ වැඩසටහන යටතේ , කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදි කිරීම් කීපයක් ගුරු හා සිසු අයිතියට පැවරීමේ උත්සවයකට එක් වෙමිනි.

ළඟම පාසල , හොඳම පාසල වැඩසටහන යටතේ දිවයින පුරා පළාත් පාසල් 9,063 ක් සහ ජාතික පාසල් 282 ක මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ යටතේ වයඹ පළාතේ පාසල් 1,210 ක ව්‍යාපෘති 2,200 ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා , ඒ සඳහා රුපියල් මිලියන 15,000 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන ලදී.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *