ශ්‍රි ලංකාවේ දෙවන කොරෝනා මරණයත් වාර්තාවෙයි

Share Button

ශ්‍රි ලංකාවේ දෙවන කොරෝනා මරණයත් වාර්තාවෙයි. මීගමුව රෝහලෙන් එම මරණය වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 64 හැවිරිදි පුද්ගලයෙකු වන ඔහු කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පෞද්ගලික රෝහලක සිට ඊයේ දිනයේ මීගමුව රෝහලට මාරු කර ඒවා ඇති මෙම රෝගියා කොරෝනා වෛරසය ආසාදිතයෙකු බව තහවුරු කරගෙන ඇත්තේ ඊයේ දිනයේදිය. ඔහු හෘදයාභාධයකින් පෙලෙනු අයෙකු බවත් දිර්ඝ කාලීන ශ්වසන ආබාධයකට ලක්ව සිටි අයෙකු බවත්. හදුනාගෙන තිබේ.
මේ දක්වා ශ්‍රි ලංකාවෙන් හදුනාගෙන ඇති කොරෝනා වෛරසය ආසාදනය වුවන්ගේ සංඛ්‍යාව 122 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියයි. ඊයේ පස්වරු 4.30 න් අවසන් වු පැය 24 තුල ආසාදිතයන් 7 දෙනෙකු හදුනාගෙන තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *