රෝගීන් ගැවසුණු තවත් ගම්මාන 3 කට දැඩි සීමා

Share Button

කොරෝනා රෝගීන් වාර්තා වූ තවත් ගම්මාන කිහිපයකට ඊයේ දැඩි සීමා පනවා තිබේ. මහනුවර අකුරන හා බණ්ඩාරගම අටඵගම ගම්මානවලට ඇතුඵවීම හා පිටවීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත. බණ්ඩාරගම අටඵගම ගම්මානයේ ග‍්‍රාම සේවා වසම් 7 ක පවුල් 3057 කට අයත් පුද්ගලයෝ 15 දහස් එකසිය හැට දෙදෙනෙක් ජීවත් වෙති. එම ජනතාවට ආහාර ද‍්‍රව්‍ය රැගෙන යෑම ඊයේ සිදුවිය. මහනුවර අකුරණ ගම්මානයට ඇතුඵවන ප‍්‍රධාන මාර්ගය වන තෙලඹුගහවත්ත මාර්ගය ඇතුඵ අතුරු මාර්ග වසා දමා ඇත. කොරෝනා ආසාදනය වූ පුද්ගලයකු හදුනා ගැනීමත් සමග පුත්තලම කඩුමයම්කුලම් ප‍්‍රදේශයට ඇතුඵවන මාර්ග පහ සම්පුර්ණයෙන් වසා දමා ඇත. උතුර නැගෙනහිර සහ පොලොන්නරුව ප‍්‍රදේශවලින් මොණරාගලට පැමිණි පුද්ගලයෝ නම දෙනෙක් ඊයේ ස්වයං නිරෝධායනයට ලක්කරනු ලැබූහ. දේවගැතිවරයාගේ හැටන් යාඥාවට සහභාගී වූ පුද්ගලයින් සිටින හැටන් දික්ඔය දරවල ප‍්‍රදේශයේ පවුල් දෙසියයක් පමන දැඩි නිරෝධායනයට ලක්කර ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Aug-06 | 08:08

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,839
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 291
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 68
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 2,537
මරණ සංඛ්‍යාව - 11